(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික උද්ධමනය හමුවේ රටේ පවුල් ලක්ෂ පහළොවකට අයත් ලක්ෂ අනුවකට ආසන්න පිරිසක් තුන්වේල පවා සරි කර ගැනීමට නොහැකිව අන්ත දුක්ඛිත තත්වයට පත්ව සිටින මොහොතක දේශපාලඥයන්,රජයේ උසස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ලක්ෂ දොළහකට වැඩි පිරිසක් තවමත් සුපිරි සැප විඳින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරලත් ඉංජිනේරු එම්.එම්.එම් අම්ජාඩ් මහතා පැවසීය.
සාමාන්‍ය මහජනතාවගෙන් අසීමිත බදු අය කෙරෙන අන්ත අසාධාරණ වැඩපිළිවෙල වෙනුවට බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ගෙන් කාර්යක්ෂම ආකාරයට බදු අය කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා රජය පොරොන්දු වූ ආකාරයට ඒ කටයුත්ත නිසියාකාරව සිදු නොවූ බවට චෝදනා කළේය.
අම්ජාඩ් මහතා මෙසේ චෝදනා කළේ බේරුවල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එසේම රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නම් රාජ්‍ය ආයතනවල පවතින දූෂණ වංචා සහ අක්‍රමිකතා මෙන්ම නාස්තිය උපරිම ආකාරයෙන් වැලැක්වීමට විධිමත් ජාලගත වැඩපිළිවෙළක් ආරම්භ කිරීම මේ මොහොතේදී ඉතා වැදගත් බවත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සියලුම ආකාරයේ බුද්ධි අංශ මෙන්ම ජන ප්‍රජාවන්ද පක්ෂ පාට භේද නොමැතිව එකසේ සම්බන්ධ කරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
තවද අධික බඩුමිල හමුවේ පීඩාවට පත් සිටින ජනතාවට ක්ෂණික සහන සලසන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව පැවසූ අම්ජාඩ් මහතා වෙළෙඳපොළ මාෆියාව විසින් අන්ත අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ නංවනු ලැබීම වැලැක්වීම සහ එසේ කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන බවද අවධාරණය කළේය.
එමෙන්ම රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමටද ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගොඩගන්න හිටපු මන්ත්‍රී අම්ජාඩ්ගෙන් යෝජනාවලියක්
දිසා.... Thursday, 10 November 2022 02:14 PM
හොරකම්, වංචා ගැන කතා කළත් කිසිවෙකුටත් දඩුවම් ලබා දීමක් සිදු කොට තිබේද ? දඩුවම් නොමැති නිසා හොරකම් වංචා සුපුරුදු පරිදි සිදු වෙමින් පවතිනවා නේද ?