
(දයාසීලි ලියනගේ)
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව වටහා ගැනිමට නොහැකිවූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරි ඉටු කිරීමට අසමත්වී ඇතැයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර ඇත.
මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම හා වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමා විශ්වාස කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.
ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස යෝජනා 10ක් එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.
ඇමැති වැටුප් නොලබන සමාජයම පිළිගත හැකි යහපත් පැවැතුම් ඇති උගත්,කාර්යශූර තරුණයන් 15 දෙනකුගෙන් යතු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම,සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡාකර ඇතිකර ගනු ලබන එකඟතා මත විෂය පිිළිබඳ අත්දැකීම් ඇති තවත් ඇමතිවරු 10ක් පත් කිරීම, රජ්‍ය ඇමති තනතුරු ඉවත් කර නියෝ්‍ය ඇමැතිවරු 25ක් පත් කිරීම හා සුදුසු ආයතන ප්‍රධානීන් පත් කිරිම, ආර්ථික අර්බුදයට විසඳම් නිර්දේශ කිරීමට විපක්ෂ මන්ත්‍රිවරයකුගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම, හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ කැමැත්ත මත වැටුප් නොලබන ජනාධිපති උපදේශකයන් පත්කිරීම,වංචා දූෂණ, අක්‍රමිකතා පිළිබඳ විභාග කර දඬුවම් කළ හැකි අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාපත් පත්කිරීම එම යෝජනා අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් කරන කියන කිසිම දෙයක් අවංක සිතින් නොකරන බව සක්සුදක් සේ දැන් හැමෝටම වැටහිලා ඉවරයි. අපි අපේ දේ නැවත සකසුරුවම් සහිතව සකසා ගන්නම්... දැනට කරපු හරිය හොඳටම ඇති. පොදුජනයා හට තව ඉතිරිව ඇත්තේ ඔය කට්ටියටම නිදාගැනීමට අවශ්‍ය නම් පමණක් ඇඳක් ලබාදීම පමණයි. සමාදානයෙන් සැතපේවා...!
1. මම මේ තනතුරු වලින් ඉල්ලා අස්වී ටියුෂන් වෘත්තියට යාම.
ඇයි දැන්...? කළිනුත් ඕවා කරන්න තිබුණනේ...!
කරුණාකර පැත්තකට වෙලා ඉන්නවද? දොඩවන්නේ නැතිව...
පාර්ලිමේන්තුවේ කවුරු හිටියත් රට පාලනය කරන්නේ පවුලේ තුන් හතර දෙනානේ...
දැන් ආපහු මෝලේ වැඩීගෙන එනවා වගේ... තනතුරු තියන කොට මොලේට මොකද වෙන්නේ...?
අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවට ජනපති, අගමැති ඇතුළුව සියලුම දෙනාට විරුද්ධව චෝදනා ගොනුකිරීමේ හැකියාව තිබිය යුතුයි. දඬුවම් කළ හැකිවිය යුතුයි. මුක්තිය අහෝසි විය යුතුය.
මෙම ආර්ථික අර්බුදයට හේතුව අධික ලෙස ණය ගෙන ඵලදායී නොවන වැඩ වල යෙදවීමයි. ඒ ගැන බන්දුල කථා නොකරයි...
ඉගැන්වීමට දක්ෂයෙකු වූ එහෙත්..., දේශපාලනයෙහි දක්ෂයෙකු නොවන මේ ටියුෂන් ගුරුවරයා රට මේ තරම් පරිහානියට පත්කිරීමට දැක්වූයේ නොමඳ සේවයක්... එසේ හෙයින් මොහුගේ අපබ්‍රංස අවවාද තවත් කුමටද රටට..?
මුදල් පිළිබඳව සම්පූර්ණ බලය ඇති පාර්ලිමේන්තුව සිය යුතුකම හා වගකිම නිසි ලෙස ඉටු නොකළ නිසා මේ මහා ආර්ථික ඛේදවාචකයට රට මුහුණ දුන් බව තමා විශ්වාස කරන බව එම ලිපියේ සඳහන් කර ඇත. දැන් ඕක ඇතුලේ හිටියේ අපිද? දැන් විකාර කියවන්නේ නැතිව ගෙදර ගිහින් රැකියාව කරගෙන ඉන්න. ආර්ථිකය පිළිබඳව යම් දැනුමක් තිබුණානම් ඕක ඇතුලේ ඉඳලත් රට ප්රපාතයටම වට්ටනකම් මොනවද ඔබතුමාලා කලේ?. දැන් කරුණාකරලා ගෙදර යන්න. දැන් පිළිගන්න මට පුළුවන් කතාව විතරයි කියලා. මෙලෝ වැඩක් නම් බැහැ කියලා...
ඔක්කොම හොරු කියලා දැන් අපි තේරුම් අරන් ඉවරයි. කරුණාකර දේශපාලනයෙන් ඉවත්වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.
චප්ප චබිරි වෙලා, කුජීත වුණාට පස්සේ මොන යෝජනාද?
අපි යෝජනා කරන්නේ ඉවත් වන්න කියායි. ඒක අපේ රටට ගොඩක් හොඳයි..
තව සුදුළූණු කිලෝ කීයක් ඕනද ගොඩයන්න...?
මහලොකු ආර්ථික ඔස්තාර් කෙනෙක් වෙච්චි තමනුත් වෙලා තියෙන අර්බුදයට වග කියන්න ඕනේ. දැන් පැලැස්තර දාන්න හැදුවාට තුවාලේ ඔඩු දුවලා හමාරයි.
රට කාලා කාලා ඉවර කරලා දැන්ද මතක් වුණේ රට හදන හැටි..? හැමදාම කැබිනට් එකේ ඉඳන් සුදුළූණු ගෙඩියේ ඉඳලා හොරකම් කළා නේද?
අනේ සමාවෙන්න ඕනේ... මුදල් පිළිබඳ වගකීම් අපිට ඉෂ්ඨ කරන්න බැරිවුණාට තමුන්නාන්සේ පාර්ලිමේන්තුවේ හිටියා නම් එහෙම වෙන්නේ නැති බව අපි දන්නවා. ආණ්ඩුවේ වැඩ ඔක්කොටෝම ලොජික් සපයලා. දැන් පෙලෙන බැරි බැරියාවටත් ජාත්‍යන්තර උදාහරණ පෙන්නලා බොරු පච ටොන් ගණන් හලන මේවාගේ අයට උපාධිය ලැබුණේ නාමල්ට නීතිඥ පදවිය ලැබුණු විදිහටද දන්නේ නෑ.