
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක් කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ආනයන සීමා කිරීම් ක්‍රියාත්මක වූ වකවානුවේ ජාතික නිෂ්පාදනය ඉහල නැංවීමට මෙන්ම අපනයනය ඉහල නැංවීමට ද මෙරට ව්‍යවසායකයින් ඉහල මට්ටමේ දායකත්වයක් ලබාදුන් බවත් ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 13.1ක් උපයා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් වෙන්කලාට කර්මාන්ත ඇතිවෙන්නේ නැහැ. කර්මාන්ත වලට අවශ්‍ය විදුලිය, ඉන්ධන, යන්ත්‍ර සුත්‍ර etc etc. අඩු මුදලකින් සැපයෙන්න ඕනේ. ලංකාවේ කරන්න පුළුවන්ක කර්මාන්ත හඳුනගන්න ඕනේ, කර්මාන්ත ගැන කතාකරන්න ඕනේ දොස්තරලා නොවෙයි ධම්මික පෙරේරා වැනි කර්මාන්ත කරුවෝ. ඔය කර්මාන්ත ඇමැතිකම ධම්මික පෙරේරා මහතාට දෙන්න. කර්මාන්ත ඇමැති කියලා මේ දක්වා කරපු දෙයක් නැහැ නේද? අඩු ගානේ විමල් වීරවංශ පටන් ගත්තු වැඩ ටිකවත් ඉදිරියට ගෙනගියාද? ලංකාවේ විතරක් නොවෙයි කැනඩාවේත් එහෙමයි ගිනිපෙට්ටිය ගෙනෙන්නේ චීනෙන්...!
වෙන්කරන ඉඩම් හොර නඩේගේ පවුලේ කට්ටියට නැදෑයින්ට... මුදල් යහමින් තියෙන කට්ටියට මිසක්..., රජයට පවරාගෙන, දුප්පතුන් වෙනුවෙන්. මේවා දියුණු කරන්නේ නැහැ. ලොකු කෙනෙක්ගේ ආසාවක් ඉටු කරන්න යන්නේ... නාකි මයිනාගේ පුත්තු කොයිතරම් දේවල් කරනවාද රජයේ ඉඩම්වල... දැක්කේ නැහැ වගෙ ඉන්නේ... මොවුන් මේ රට නැත්තටම බන්කොළොත් කරලා තමයි යන්නේ... ඉක්මණට ජනාධිපතිවරණයක් පැවැත්තුවේ නැත්නම්...!