
(නිමල කොඩිතුවක්කු)
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක් එක් දේශපාලන පක්ෂවලට එසේ කළ හැකි වුවත් සමගි ජනබලවේගය එසේ නොවන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඔලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික බාරකරුවන් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමහර පුද්ගලයන් හැසිරෙන්නේ මුළු රටම තමන්ට සහ තම පවුලට අයිති දෙයක් ලෙස බවත් පරම්පරාවෙන් පරම්පරාවට මේ රටේ අයිතිය එක පවුලකට සීමා වී ඇතැයි කියා ඔවුන් සිතා සිටිනවානම් එය වැරදි බවත් ප්‍රේමදාස මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් එකම පාසල්, පන්සල්වල කරන දේශපාලනයත් නතර කරමු නේද?
මෙලෙස ලක්ෂ ගණනින් බෙදන්න සල්ලි කොහෙන්ද ලැබුණේ? කෙහෙල්වත්තේ ඔය තරම් ආදායමක් තිබුණද? නැතිනම් සල්ලි අච්චු ගහලා දෙනවද?
රටේ අයිතිය රටේ ප්‍රධාන ජාතියට අයිතියි. සුළු ජාතීන්ට ජීවත් වීමට අයිතියක් ඇත. රට බෙදීමට, ෂර්යා නීතිය ඉල්ලීමට ඔවුන්ට කිසිම අයිතියක් නැත. ඒ අයිතීන් දීමට දේශපාලකයින්ට කිසිම අයිතියක් නැත... ඔබලා තාවකාලික පාලකයින් පමණයි. ගම්මිරිස් හොයාගෙන මෙරටට ආපු කෙනෙකුට භික්ෂු සිරගත කිරීමට හැකිවූයේ හම්බයින්ගේ ඡන්දේ බලාගෙන හම්බයින්ට කත් ඇදපු කොළඹ කෙහෙල්වත්තෙන් බිහිවුණු දේශපාලකයින් නිසයි....
තාත්තාගෙන් පුතාට යන දේශපාලන නැතිකරනවාලු. ඒ කියන්නේ සජිත් ගේ තාත්තා ආර්. ප්‍රේමදාස් නොවෙයිද? ආර්. ප්‍රේමදාස් සජීගේ තාත්තා නොවෙයි නම් සජියට පක්ෂ නායකකමක් ගන්න තිබ්බ සුදුසුකම මොකක්ද? මේවා කෙහෙල්වත්තේ විහිළු...!
මේ මහත්තයාට බලය ලැබුණොත් තමන්ට බස් හා සල්ලි දෙන මුදලාලිලාට සලකන්න ගියාම රටේ දුප්පත් අහින්සකයින්ට සලකන්නේ, සහන දෙන්නේ මොන ආර්ථික ප්‍රතිපත්තියෙන්ද? මේ මජර දේශපාලනයට කවදා තිත තැබෙයිද?
ඇයි මේ ඡන්ද ගන්න විහිළු කතා කියන්නේ? ලැජ්ජා නැත්ද? ජනතාව, දේශපාලන පවුල් ගැන හොඳට දන්නවා.
තාත්තාගෙන් පුතාට යන දේශපාලනය ගැනද කියන්නේ..?
ඔබතුමා අර අනුර කුමාර වගේ මහජනතාවට ප්‍රශ්න අහන්න වෙලාවක් නොදෙන නිසයි මෙහෙම අහන්නේ... ඔබතුමා බලයට ආවොත් මහබැංකු හොරුන්ට, හොරසල්ලි අච්චු ගහපු කට්ටියට දෙන දඬුවම මොකක්ද?