(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට අදාල පරිගණක පද්ධතිය පෞද්ගලික සමාගමක් විසින් හසුරුවනු ලැබීම ලොකු අවදානමක් බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි.
මේ අනුව පරිගණක පද්ධතිය සම්පාදනය කළ සමාගම සමග සමඟ නව ගිවිසුමකට හෝ පැමිණ දත්තවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස කමිටුව නිලධාරින්ට උපදෙස් දුන්නේය.
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ලියාපදිංචි සමාගම්වලින් අයකරගත යුතු හිඟ මුදල් අය කර නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව ප්‍රධානීන් පැවසූවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු පූර්ණ ලෙස ලබා ගැනීම සඳහා ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැති බවයි.
රාජ්‍ය ගිණුම් පිළිබඳ පාලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 18 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
සමාගම් ලියාපදිංචි කිරීමේදී රුපියල් කෝටි අටකට වැඩි වියදමින් කෙරුණු ලියකියවිලි ස්කෑන් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් බාර දෙන ලෙස කාරක සභා සභාපති ලසන්ත අලගියවන්න මහතා උපදෙස් දුන්නේය.
මේ අතර රජයේ සමාගම් පෞද්ගලික නම් වලින් ලියාපදිංචි කිරීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්වයක් සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා විය.
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කලක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වහාම පිරවීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ අවදානමක් කෝපා කමිටුවෙන් එළියට
කල්පනා Thursday, 26 October 2023 06:46 AM
සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාර් කන්තෝරුව කියන්නෙ නම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට තමයි කොහොම හරි මේ කියන ආයතනය දත්ත පද්ධතියක් හදාගෙන තියෙන්නෙ පුද්ගලික වාසිතකා කියලා පේනවා මේකෙන් ලොක්කන්ට හොද කොමිස් කුට්ටි ලැබෙනවා ඇති රජයට තමයි පාඩුවක් වෙන්නෙ ඔහොම ආයතන සදහා රජයේ දෙපාර්තමෙන්තුවක් ඇතිකර දත්ත පද්ධති පවත්වා ගන්න ක්‍රමයක් හදන්න බැරිද