IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රජයේ සේවක වැටුප් රහිත නිවාඩු අවලංගුයි

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන්  දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත

නොවැම්බර් මස 24 වැනිදා  පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි

ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට  චක්‍රලේඛයකින්  දැනුම් දී ඇත

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කෙරිණ

දැනට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව චක්‍රලේඛයේ සඳහන්වේ.

මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව  පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසීය



අදහස් (4)

රජයේ සේවක වැටුප් රහිත නිවාඩු අවලංගුයි

චන්දන Saturday, 06 December 2025 02:32 PM

බොහෝම සන්තෝසෙන් කියන්නේ රාජ්‍ය සේවකයන් පැල් බැදගෙන මේ ආන්ඩුව බලේට ගේන්න ඡන්දෙ දුන්නේ. මේ ඒවාට ප්‍රති උපකාර. ඡන්දේ කාලේ රජයේ ඔෆිස්වල වැඩට වඩා කලේ මාලිමාවට කඩේ යාමනේ. ආර්ථිකයේ නිර්වචනයවත් නොදන්නා රාජ්‍ය ඔෆිස්වල ආර්ථික ඔස්තාර්ලා තර්ක කලේ.150 පෙට්‍රල්, 33% ලයිට් බිල අඩුකිරීම විශාල වැටුප් වැඩිකිරීමේ පොරොන්දු වෙනුවෙන් හොදට කඩේ ගියා. ඒවා ප්‍රායෝගිකව කළ නොහැකි බවට ඔලුවෙන් හිටගෙන කීවත් පිළිගත්තේ නෑ. දැන් අද විදවපල්ලා.

:       19       12

සම්පත් Saturday, 06 December 2025 03:44 PM

කුම්බලා මාලු කෑවා නම් විදවපන් දුක බලලෝ. උගුර කඩාගෙන බේගල් ඇදබාලා බොරුව ජනගත කරලානේ ඡන්දෙ ගත්තේ. බදු ගහලා භාණ්ඩාගාරය පුරවන්නේ නෑ කිව්වා. බදු ගහන එකමයි කලේ. imf පතුරු ගහලා අද දොහොත් මුදුන්දීලා වන්දනා කරනවා. කියපු බේගල් පොරොන්දු නිසාමයි කාලගුණය මෙහෙම වුනේ...

:       10       5

රනේ Saturday, 06 December 2025 03:34 PM

ගෙදර හදිස්සියක් වුණාම ගෙදර ඈයෝ ගිය තැනකින් ආපහු එනවා. දාගත්තු වැඩ කැන්සල් කරනවා. ජාතියක්, ජම්මයක් නැති හැඟීමක් නැති එවුන් කීපදෙනා විතරක් පිස්සු කෙලිනවා. කවදත් එහෙම තමයි. අපි ඒවාට කලබල වෙන්නෑ.

:       2       11

ගංකබරයා Saturday, 06 December 2025 03:48 PM

දැන් සැපද...? රජයේ සේවක ගොබ්බයින්ට...

:       10       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 219 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site