IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘රජයට හරිහැටි දැක්මක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් බහුතරයක් තරුණයන් මෙරටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති වීමෙන් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් මෙන්ම තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර ගොස් ඇතැයිද වත්තල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය.

රට ගොඩනගන නායකයන් බවට තරුණයන් පත් කිරීමට නොහැකි වී ඇත්තේ රජය ආර්ථික වර්ධනයට වඩා ආර්ථික සංකෝචනය කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ වර්තමානය සහ අනාගතය සුබදායක නොවන බව හැඟි යාමත් රජයට හරිහැටි දැක්මක් නොමැති බවට දැනුන නිසා තරුණ පරපුර ඉච්ඡාභංගත්වයට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා කීවේය.

 



අදහස් (4)

‘‘රජයට හරිහැටි දැක්මක් නෑ‘‘

Ajith Thursday, 28 December 2023 12:58 AM

ගෝඨාභය ආණ්ඩුව බාරගන්න කිව්වාම ඒක ගත්තෙත් නෑ. රටේ පවතින ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරන්නේත් නෑ... මහජනතාවට තිබෙන ඔවුන් මුහුණ දෙන ගැටළු නැවත නැවත ඔවුන් වෙතටම ඉදිරිපත් කිරීම බුද්ධිමත් විපක්ෂ නයකවරයකුගේ කාර්යබාරය නොවේ...

:       0       0

abaran Thursday, 28 December 2023 07:53 AM

එදා රට ගිනිගෙන මිනිස්සු ගෑස් පෝලිම් වල මැරෙනකොට ඔහෙට අගමැතිකම දෙන්න ආරාධනා කලාම ඇඳයට හැඟුනා . දැන් වැල් බයිලා කියවනවා . ඔහෙට පුළුවන් හැමදේම විවේචනය විතරයි අප්පුහාමි . පොඩ්ඩක් කියමුකෝ බලන්න බදු නැතිව රට කරනහැටි . අන්න එහෙම උනොත් අපිට ටිකක් හිතල බලන්න පුළුවනි .

:       0       0

Lalla Thursday, 28 December 2023 08:49 AM

මේ කතාව ඇත්ත. ජීවත්වෙන්න ඕනෑ අවම මාසික ආදායමට වඩා වැඩි ආදායම බද්දට යටත් කළාට කමක් නෑ. නමුත් පස් දෙනෙකු ඉන්න පවුලක එනම් වැඩිහිටි ප්‍රජාව ඇතුළුව මාසික අවම වියදම ලක්ෂ එකහමාරකට වැඩියි. ඒත් බද්ද ලක්ෂයේ සිට ක්‍රියාත්මක වනවා. අනික බදු ප්‍රතිශතය වැඩිකම. ප්‍රතිඵලය වැඩකරන ජනතාව දුර්මුඛ වීම. මේ සීමාවන් නැවත සලකා බලන්න ඕනෑ...

:       0       0

fairoos Thursday, 28 December 2023 12:52 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව නම් රටට ශාපයක්...! 

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site