
(ශාන්ත චන්ද්‍රසිරි)
ඩීසල් නොමැතිවීම හා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාම වෙනුවෙන් රජයට විරෝධය පාමින් නුවරඑළියට නගරයට එක්රැස් විශාල පිරිසක් නුවරඑළිය නගරයේදී අද (01) දැවන්ත විරෝධතාවය නිරතවුහ.
නුවරඑළිය නගරයේ බස් නැවතුම්පොල භූමිය ඉදිරිපිටට එක්රැස් වු විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර, මේ හේතුවෙන් බස් නැවතුම්පොල සිට ගමන් ආරම්භ කරන බස් රථ ධාවනයටද පැය ගණනාවක් දැඩි බාධා එල්ල වී පැවැතිණි.
විරෝධතාකරුවෝ පසුව නුවරඑළිය නගරයේ සිට ග්‍රෙගරි වැව උද්‍යානය අසලට පෙළපාලියකින් පැමිණ නුවරඑළිය-බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධාවයක නිරතවුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු දවසේ කළ අපරාධයට විපාක ලැබෙමින් පවතියි. නාවලපිටියේ සංවර්ධන නියමුවෝ එහෙම හැංගිලාද?
ගොඩක් හොඳයි...!
මමත් නුවර එළියේ... මේක තනිකර කළේ චමින්ද දොඩම්පෙගමගේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වන්නේ යයි වාර්තා වූ නිසා. ඒ වුණාට කෙළවෙන්නේ නුවරඑළියටමයි...
කවුරු කලත්, කොහොම කලත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් තමන් ගේ බඩගෝස්තරය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨයි. ජන අරගලයට ජයවේවා.
මොන වසංතයක්ද රටටම කෙලවිලා තියෙනකොට.ඔයගෑනිට නං වසන්තෙ උතුරනවා.රට කාපු කාලකන්නි පව්ල.
හැම දෙයකටම සීමාවක් තියෙනවා. පීඩිතයින් වහල්ලු වගේ මිනිස්සු සදහටම ඉන්නවා කියලා හිතුවොත් ඒක වැරදියි. රාජපක්ෂලා තමන්ගේ පවුල ගැන විතරක් හිතලා සමස්ත ජනතාවම පාරට ඇදලා දැම්මා. සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. පවුල්වාදයට ඉහළම තැනක් දුන්නා. දැන් ඉතිං කරපු දූෂණ වලට හොරකම්වලට වගකියන්න වෙනවා. ආත්ම ගාණක් නිරයේ දුක් විඳින්න වෙනවා රාජපක්ෂලාට. එයාලා ළඟදීම රට දාලා පනියි. ඒක විශ්වාසයි...