(තිලකරත්න දිසානායක)

ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී  අද (22) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. 

ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමය සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබු අතර ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව නොතකා උද්ඝෝෂකයින් නගරය පුරා පා ගමනකද නිරත වූහ.

මෙම උද්ඝෝෂණයට සහාය පළ කිරීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සියල්ලක්ම පාහේ වසා දමා තිබූ ආකාරයක් දක්නට ලැබිණි.