IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.

‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණු විය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී ආරම්භක දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද කෙටි දේශනයක් සිදු කළේය.

අනතුරුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දැනුවත් කිරීම් සිදු කළහ.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

 



අදහස් (10)

රාජ්‍ය සේවයට කෘත්‍රීම බුද්ධිය

ravin Sunday, 15 June 2025 06:07 PM

ප්‍රථමයෙන්ම කෘතිම බුද්ධිය යොදාගත යුතු වන්නේ ආර්.එම්.වී. සහ පාස්පෝට් දෙපාර්තමේන්තු වලට. හොර ගුහාවල් දෙකක්. දෙවනුව අනිකුත් ආයතනවලට භාවිතයට ගත්තොත්, රාජ්‍ය සේවයේ ඵලදායිකත්වය වැඩිවේවි..

:       1       15

KS Sunday, 15 June 2025 06:13 PM

වැදගත් වැඩමුළුවක් වැනි නවීන තාක්ෂණික භාවිතයන් තුලින් රාජ්‍ය සේවය යාවත්කාලීන කර වඩාත් කාර්යක්ෂම කළ යුතුයි

:       1       12

nipuna Sunday, 15 June 2025 07:54 PM

විශේෂයෙන් වැඩවර්ජන කරන තැන් වලටයි හොර ගුහා වලටයි කෘතිම බුද්ධිය පාවිච්චි කරන විදියට සැලසුම් හදන්න ඕනෑ. ඒ අය ඔවුන්ගේ වැදගත්කම දඩමීමා කරගෙනනෙ වැඩ වර්ජන කරන්නේ...

:       1       10

kumara Monday, 16 June 2025 06:44 AM

බොල ඉස්සෙල්ලා මනුස්ස බුද්ධිය පාවිච්චි කරන්න උගන්නලා හිටු!

:       0       5

Chinthaka Herath Monday, 16 June 2025 07:59 AM

මේවා හෙන බොරු මාතෘකා විතරයි.

:       0       5

himal Monday, 16 June 2025 09:09 AM

කෘත්‍රිම බුද්ධිය, රාජ්‍ය සේවයේ දැනටත් භාවිතා වන බවත් මේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බවත් නොදන්නා අය දැන ගනිත්වා.

:       0       2

Asela Monday, 16 June 2025 09:32 AM

පළමුව පැමිණීම සහ කුසලතා මත පදනම් වූ සේවක ඇගයීම් පද්ධතිය ග්‍රහණය කර ගනිමින් ඵලදායිතාව විධිමත් කරන්න. මූලික තොරතුරු තාක්ෂණ කුසලතා නොමැතිකම සෑම රාජ්‍ය අංශයකම පාහේ දක්නට ලැබේ. දුරකථන ආචාර ධර්ම ම්ලේච්ඡයි. රජය මූලික යථාර්ථය අවබෝධ කර නොගෙන AI යන වචනය පසුපස හඹා යයි. සාමාන්‍ය රාජ්‍ය කාර්යාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තක්සේරුවක් අනුර පාලනයට නැත. පුදුමයක් නොවේ, තේරී පත් වූ බොහෝ නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට කුඩා තේ කඩයක් පවත්වාගෙන යාමේ අත්දැකීම් නොමැත. මෙම පාලන තන්ත්‍රයෙන් අප අපේක්ෂා කරන්නේ කුමක්ද?

:       1       3

ලුම්බිණි Monday, 16 June 2025 10:08 AM

ඔක්කොටම ඉස්සරවෙලා ඊ මේල් යැව්වම එකට උත්තරයක් එවන්න කියාදීපල්ලා .

:       0       10

ravinMonday, 16 June 2025 02:26 PM

හොඳම උදාහරණය ටෙලිකොම්. ඒ මේල් යවන්නත් බෑ, ගියත් උත්තර නෑ. හැබැයි ප්‍රචාරය කරනවා සන්නිවේදනේ පූරෝගාමියො ලෙස. පුටු රත් කර කර ඉන්නා පින්පඩි කාරයෝ ටිකක්. මොළ ගෙඩි උඩ තමයි වාඩිවෙලා ඉන්නේ.

:       0       2

Upali IddamalgodaMonday, 16 June 2025 06:10 PM

මේ අදහස නම් හරියටම හරි පාරිභෝගිකයෙක් හැටියට ආයතනයකට ගියාම තොරතුරක් ගන්න කෙනෙක් නැහැ. ප්‍රාදේශීය තැනකට ගියාම එකයි දෙකයි එකයි දෙකට කිව්වද අහනවා පිළිතුරක් නැහැ. ඊළඟට පියෝ ටීවී එක ඔන් කළාම කරච්චලේ අහගෙන ඉන්න බැරි වාදනයක් සමග 999 චැනලය ගැන ප්‍රචාරයක් යනවා. ඒ නිසාම දැන් පියෝ ටීවී එපාම වෙලා තියෙනවා. තව ටික කලක් බලලා බොහෝ දෙනෙක් කරනවා වගේ දුරකථන සම්බන්ධයත් තවදුරටත් තබාගන්නවාද තීරණය කරන්න වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site