
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශපාලන බලපෑම් වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව, රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රතිපත්තිය බව රජය පවසයි.
කොවිඩ් - 19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000 ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. රාජ්‍ය සේවයේ විවිධ ආයතන වල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇත.
එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මතපදනම් ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853 ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන "2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල " යටතේ නියමිත බඳවා ගැනීම පටිපාටි වලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
2025 නොවැම්බර් මස 04
756
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය සේවයට උපාධිධාරීන් තිස් දාහක් ගන්න අනුමැතිය
යෝගා Tuesday, 08 April 2025 03:17 PM
88දී රජයේ දේපල ගිනි තියපු අයගේ දරුවන්ටයි, අරගලයේදී ගෙවල් ගිනි තියපු අයටයි, මාලිමා ඩෝබිලටයි ඔන්න රජයේ රස්සා ලැබෙන්නයි යන්නේ
Lalla Tuesday, 08 April 2025 03:34 PM
සංවර්ධන නිලධාරී අංක දෙක වගේ. මොනවා හරි ලේසි කමකට නැති විෂයයන් වලින් කලා සහ වාණිජ භාහිර උපාධිය ගත්තු නාකි රංචුවක් ආයෙමත් ගන්න වගේ. ආපුදා ඉඳලා අයිතිවාසිකම සහ පගාව හොයනවා හැර වැඩ නෑ.
Amila Tuesday, 08 April 2025 03:34 PM
රාජ්‍ය ආදායමෙන් 50% කට වඩා වියදම් වෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න.. එන්න අපි තව බදු ගෙවමු.
kamal Koyrala Tuesday, 08 April 2025 05:17 PM
මේ කණ්ඩායමෙන් වත් රාජ්‍ය සේවය පුනරුද යුගයකට ගලපා ගන්න
lasandu Tuesday, 08 April 2025 08:19 PM
රට වලටම තව ණය අරන් ගෙවමු