(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අදාල වැටුප් වැඩි වීම කළේය. ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි බෝල ආර්තික වර්දන වෙගය ගැන නම් දකින්නෙ දවල් හීන. කඩාවැටුන අාර්ථිකයක් 2% කින් වර්දනය කිරීමෙ පලය කුමක්ද?
සොම්බි පිනා හොදටම බයවෙලා වගේ, ඊයේ කිව්ව එක නොවෙයි අද කියන්නේ අද කියන එක නොවෙයි හෙට කියන්නේ. පුංචී පුංචි වංගු ගහලා ජනතාව රවටන්න බැහැ කියලා මේ මෝඩ මනුස්සයට තේරෙන්නේ නැහැ. අද මිනිස්සුන්ට ඕනා සිස්ටම් චේන්ජ් එකක් ඒක කරන්න බැහැ රුපියල් පන්දාහේ හා දාහදයේ කෑලි එල්ලලා, ඒ වෙනුවට කරන්න ඕනා මහ මැතිවරණයකට යන එකයි. එවිට ජනතාව තීරණය කරයි රටට මොනවද විය යුත්තේ හා කෙසේද විය යුත්තේ කියලා.
ඔය මොන අටමඟලේ කෙරුවත් අපේ ඡන්දේ නම් හම්බවෙන්නේ නෑ පුතේ...!
පොලියට සල්ලි අරගෙන බෙදනවා ඡන්දෙ ගන්න. සියලුම රජයේ සේවකයින් වෙත.- දෙන සල්ලි ගන්න. ඒත් ඡන්දෙකදී රට ගැන, ඉදිරි පරම්පරාව ගැන හිතලා ඡන්දෙ දෙන්න. වෙන කවුරු ආවත් මීට වැඩිය පහත් තැනකට වැටෙන්න තැනක් නෑ. ඒ නිසා විකල්ප පාලනයක් ගැන හිතන්න.
වැඩකරන ජනතාවට හරිහමන් වැටුපක් දෙන්න බැරිවුණාට වාහන ආනයන කරුවන්ට වාහන ගේන්න විනිමය වැයකරන්න පුළුවන් සෙල්ලම් කරන්න ඕනෑ තරම් සල්ලි තියෙනවා. ඒත් මෙහෙම අත්‍යාවශ්‍යම දේවල් සඳහා තමයි සල්ලි නැත්තේ...!