IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය සේවකයන් සතියට දින 3යි:මාසයට දින 8 ක් නිවාඩු

(ඩයනා උදයංගනී)

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ දිය හැකි බව  සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය.

කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එහිදී  ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.

නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වේ.

එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.

සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු වේ.

යම් නිලධාරියකු නිරෝධායනයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්ය.

 



අදහස් (12)

රාජ්‍ය සේවකයන් සතියට දින 3යි:මාසයට දින 8 ක් නිවාඩු

vijitha Tuesday, 27 April 2021 01:28 PM

වැරැදියි... සතියකට දින 03ක් වැඩට එන්න ඕනේ..

:       3       38

නන්දසේන Tuesday, 27 April 2021 01:48 PM

මෙය පාසැල් අනධ්‍යයන සේවකයින්ට බලපාන්නේ නැතිද? පාසල් වසා තිබියදීත් මාතර කලාපයේ පාසල් අනධ්‍යයන සේවකයන් දිනපතාම අනිවාර්යයෙන් පාසැල් කැඳවනවා..

:       5       10

anaWednesday, 28 April 2021 02:15 PM

ඔබ ගුරුවරුන් නොවේ. ඔබ සේවා අවශ්‍යතා මත පැමිණෙන ආදි ශිෂ්‍යයින් වගේ අවශ්‍ය සේවා සැපයිය යුතුයි. පාසලේ ලේඛන යාවත්කාලීන කිරීම වැනි කටයුතු තිබේ.

:       0       4

Nihal Tuesday, 27 April 2021 02:03 PM

දියට දමන ඉබ්බා ඇන්නෑවේ කිව්වලු...

:       5       34

අරුණ Tuesday, 27 April 2021 02:37 PM

දැන් මේක බලලා රජයේ සෙවකයන් දින 3 ගානේ නිවාඩු ගනීවි සතියට...

:       2       30

dinesha Tuesday, 27 April 2021 06:15 PM

සතියට දින 5 ක් වැඩට ආවත් මෙයාලා කරන දෙයක් නැ.....

:       2       15

anaWednesday, 28 April 2021 02:19 PM

රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස සේවකයින් බඳවා ගෙන නිකම් ඉන්න සේවයක් බවට පත් කළ අයට බනින්න. රාජ්‍ය සේවකයින්ට නිකරුණේ නොබැන. සේවක පුරප්පාඩු නැතිව රාජ්‍ය සේවයට බඳවා ගත්තේ උපාධිධාරින් සහ සුලු සේවකයින්... අනෙක් අය සේවයට ගන්නේ රටේ අවශ්‍යතාවයට ගණනය කළ කාඩර් එකක් අනුව...

:       3       14

Ratne Tuesday, 27 April 2021 06:29 PM

මෙම ප්‍රවෘත්තිය නිවැරදි විය යුතුය. එම චක්‍රලේඛයට අනුව මාසයකට උපරිම දින 8ක් වන පරිදි සතියට දින 2ක් නිවසේ සිට වැඩ කළ හැක. එනම් සතියට දින 3ක් වැඩට යා යුතුය.

:       0       2

vikum Tuesday, 27 April 2021 06:56 PM

රාජ්‍ය සේවකයන්ගේ වැඩත් අඩු නිසා, මේ මාසේ පඩිත් ටිකක් අඩු කරලා නැති බැරි අයට උදව්වක් කරමුද, ඇත්තටම කුලීඩැඩ කරන මිනිස්සු පව්, අඩුම මාසේ පඩියෙන් රුපියල් 2000 හො 3000 අඩු කරගෙන දුප්පත් අයට යමක් කරන්න පුලුවන්නම් පිනක් නේද...

:       4       7

Sri Lanka Tuesday, 27 April 2021 07:51 PM

ජයවේවා කොරෝනා... අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි...!!!

:       2       6

සාලිත Wednesday, 28 April 2021 02:15 AM

චක්‍රලේඛයෙන් නෙවෙයිද විස්තර ගත්තේ? රාජ්‍ය සේවයට බනින අය ගොඩයි. සේවය කරලා බලන්න ඕනෑ තේරුම් ගන්න.

:       3       9

de silva Wednesday, 28 April 2021 06:55 AM

සේවකයන් වැඩට එන එක නවතා දැම්මාම කාර්යාලවල ඇතිවන දිගු පෝලිම් නිසා කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රෙයන් සිදුවිය හැක. කොරෝනා එන්නත ලබාගත් රජයේ නිලධාරීන්ට සාමාන්‍ය පරිදි වැඩකරන්න පුළුවන්.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site