(අංජුල මහික වීරරත්න)
ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහා අවුරුද්දකට වැය කරන රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට-ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න පිළිබඳව සිතිය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටින අතර රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76%ක් වැය වන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමට බව කරුණානායක මහතා කීය.
එනම් අවුරුද්දකට රුපියල් ට්‍රිලියන 104ක් වැයවන බව කී රවී කරුණානායක මහතා එපමණක් නොව ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය ගෙවුණු අවුරුදු හතර ඇතුළත රුපියල් බිලියන 1350ක අලාභයක් ලබා තිබෙන බව සඳහන් කළේය.
මෙි මුදල් ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබූ බවද එමෙන්ම රටෙි සෑම පුද්ගලයකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබූ බවද හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත, 25% කැපවීමෙන් වැඩ කරනවා. අනෙක් අය ඉන්නෙම විනෝද සමය වගේ...
අර 225 කාබාසිනියා කරන මුදලට සරිලන වැඩකොටසක් කරනවද? මෙයාගේ කිඹුල් කඳුළු...!
තම තමන්ගේ ගොට්ටෝන්ට රජයේ රැකියා දීල ,ඔය හැම රාජ්‍ය ආයතනයක්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන්ගුන්යකින් විතර සේවකයින්ගෙන් පිරෙවුවේ මේ උන්දලා නේද ? රට බංකොලොත් වෙනකන්ම පින් පති සහ ගොලොයෝ ටිකයි එකේ වැරද්දක් දක්කෙ නැහැ ,යහපාලන කාලේ මෙහෙම දෙයක් කියනව කාටවත් ඇහුනද ?
පනින්න වගේ හදන්නෙ මහබැංකු හොරා
අම්මෝ රටට තියෙන ආදරේ. සල්ලි සතයක්වත් වංචා නොකරපු මිනිහෙක් නම් තව කිව්වත් කමක්නෑ
මහබැංකුව කොල්ලකෑවොත් නම් රජයේ සේවකයින්ට ඕනෙතරම් මුදල් සොයාගත හැකියි.
මැති ඇමතිවරු නම් වැඩ නේද? අය වැයෙන් භාගයක් ඔවුන්ගේ සාක්කුවල... වත්කම්, බැරකම් පරික්ෂාවක් කළා නම් වැඩකරන හැටි බලාගන්න තිබුණා. මොවුන්ගේ වැඩකිඩ පහුගිය දවස්වල පෙන්නුවානේ... ඕමාන් කාරයාටත් වැඩක් දුන්නේ...!
කතාව 200%ක් ඇත්ත... නමුත් කියපු මෑන් තමයි අප්සට් මොකද මෑන් නීලකාදී හොරෙක්...
හොරා වුණත් කියන්නේ ඇත්ත, රජයේ සේවකයන් 50% අඩු කළ යුතුය. රජයේ සේවකයින්ට ඉලක්ක දෙන්න ඕකේ.
මේ අයගෙන් රටට වැඩක් තියෙනවද? මෙයාව නඩත්තු කරන්න කොච්චර වැයවෙන්න ඇත්ද?
"ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවාලූ// අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආශාවක් රවියනි ලැබේද ඉන් සැනසීමක්"
පාර්ලිමේන්තුව ගැනත් කියන්න රවී කරුණානායක. ගොබ්බ දේශපාලකයින්ට සැපගන්න වියදම් වෙච්චි ගාණයි, ඒ ගාන ගොබ්බ දේශපාලකයින් ගණනින් බෙදලා ඒකත් කියන්න. ඒ ඉලක්කම ඔය ඔක්කොටෝම උඩින් ඇති. එක අතකට ඔය කියන ට්‍රිලියන ගාණ රජයේ සේවකයින් අතට ගිය එක හොඳායි. නැත්නම් ඒකත් හොරකම් කරනවා...
සියලුම වරප්‍රසාද භුක්ති විඳගෙන ඉන්න දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ නාස්තිය හැරුණුවිට කරපු වැඩක් නැහැ. කෙරුවේ නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු එකයි, රටම කාබාසීනියා කරපු එකයි, හිඟාකන ජාතියක් බවට පත්කරපු එක මිස වෙන මොනවාද? මහ බැංකු බැඳුම්කර හොරාකරපු දේවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මෙතුමා කියනදේ සහතික ඇත්ත ඒත් රජයේ සේවකයින් ගන්න පඩියට වැඩ නැතිබව දැන දැනම මුදල් ඇමැතිවරයා ලෙසට ඒ වනවිට රජයේ සේවකයින් ලැබූ වැටුප් අවම දහදාහකින් කියලා ලොක්කන්ට නැත්නම් දීප ව්‍යාප්ත සේවාවන් සඳහා දෙගුණයකින් පමණද අනෙක් අයට එයට ආසන්නවද වැටුප් වැඩිකළේ මොකටද කියලා කියන්න මහත්තයෝ...?
මිස්ටර් කිලිනොච්චි නෝද මේ. කියන්නේ කටින්ද මේක කීවේ.
මහබැංකුව.......................
හොරුන් තමයි...
විපරීත කාලේ කෙලින්ම හොරාමයි පේන්න කියන්නේ, කොහොමද ටිකිරි මොලේ...?
රජයේ ඉන්නේ දේශපාලන පත්වීම් ලබාගත් අය, මොවුන් ඔක්කොගේම තියෙන්නේ එකම දේ...
මරු කියවන්නේ නැතිව ඉන්න... ඇමැතිවෙලා ඉන්න කාලේ ඕවා ගැන මොකුත් කීවේ නෑ නේද? දැන් කිඹුල් කඳුළු හෙලන්නේ... රට හිඟන තත්වෙට වැට්ටුව උන් නඩත්තු කෙරුවෙත් බදු මුදලින් කියලා අමතක වුණාද?