(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සියලු රාජ්‍ය සියලූ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළේය.
සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් බව කී විජේසිරි මහතා බොහෝ විට ඇතැම් අමාත්‍යංශ සුඛෝපභෝගී ගොඩනැගිලි වල අධික කුලියක් ගෙවමින් කාර්යාල පවත්වාගෙන යන බව පැවසීය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අයත් ගොඩනැගිල්ලට මාසයට ලක්ෂ 13 ක් ,ජාතික ලොතරැයි මණ්ඩලය මසකට රුපියල් ලක්ෂ 65ක්,කොල්ලුපිටියේ විදුලි බල අමාත්‍යාංශයට මාසිකව ලක්ෂ විස්සක්,විදුලිබල මණ්ඩලයේ නගර කාර්යාලය සඳහා මසකට ලක්ෂ විස්සක් ,වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සඳහා මාසිකව ලක්ෂ විස්සක් ගෙවීම උදාහරණ ලෙස දැක්විය හැකි බව චමින්ද විජේසිරි මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා යෝජනාවක්... ඒකමතිකව සම්මත කළයුතුයි.
අදහස හොඳයි... යහපාලනය කාලේ කෘෂි අමාත්‍යාංශයට රාජගිරියේ... සබීතා මන්දිරයට මාසිකව කුලිය කෝටි 2 1/2ගෙවන කොට කොහේද හිටියේ...?