IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ Huawei හවුල්කාරීත්වයක

රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වනHuawei සමග පසුගියදා හවුල්කාරීත්වයකට එළැඹියේය. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ එන Huawei IdeaHub රාජ්‍ය අංශයට හඳුන්වා දීම සඳහා ඔවුහු මෙලෙස හවුල්කාරීත්වයකට එළඹුණහ.

වෙළඳ අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා නව හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අද වනවිට ලෝකය පුරාම තාක්‍ෂණය අඛණ්ඩව වෙනස් වෙමින් පවතිනවා. අප අපගේ කාර්යාලවල, නිවෙස් තුළ වැඩ කටයුතු සිදු කරන ආකාරයේ සිට සියලු‍ දේ මෙම තාක්ෂණික වෙනස්වීම් වලට භාජන වී තිබෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා හමුවේ රාජ්‍ය අංශයටද අන්තර්ජාල පහසුකම් යටතේ සිය රැස්වීම් පැවැත්වීම ආදී පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි නම් එය ඉතා වටිනවා. අප අපේක්ෂා කරනවා Huawei IdeaHub රාජ්‍ය අංශයේ එදිනෙදා ක්‍රියාවලියන් පහසුවෙන් හා ඉක්මනින් කරගෙන යාමට අත්වැලක් විය හැකියි.”‍

‘‘රටේ පවතින නව තත්ත්වය හේතුවෙන් කාර්යාල පරිසරය තුළ වේගයෙන් වෙනසට භාජන වන ස්ථානයක් තමයි සම්මන්ත්‍රණ සහ ඉදිරිපත් කිරීම් පවත්වන අවකාශය. ඒ නිසා රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය සමාගම්වල ද ඩිජිටල් තාක්‍ෂණික විසඳුම් තිබිය යුතු අතර ඒවා කාර්යාලයීය කාර්යයන් වේගවත් කරන ආකාරයට පරිවර්තනය කර ගත යුතුයි.”‍ මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවවේ සභාපති යෝගා පෙරේරා මහතා පැවැසීය.

සාමූහික හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Huawei හි ප්‍රධාන විධායක නිලධාරී ලියැං යී මහතා මෙසේ පැවැසීය. ‘‘අපි ඉතා සතුටට පත් වෙනවා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමග එක්වHuawei IdeaHub රාජ්‍ය අංශය වෙත හඳුන්වා දීමට ලැබීම සම්බන්ධව. නවීන, සම්බන්ධිත කාර්යාලයක මෙම තාක්ෂණය මගින් කණ්ඩායමකට ඕනෑම තැනක සිට පහසුවෙන් සිය කාර්යයන්වල යෙදීම සඳහා අවස්ථාව හිමි වනවා”‍.

 



අදහස් (0)

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ Huawei හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site