(යොහාන් භාසුර)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය.
සතොසට බිත්තර ලක්‍ෂ 10 බැගින් දෛනිකව නිකුත් කරන බව කී ආසිරි වලිසුන්දර මහතා එම බිත්තර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ බිත්තර කෝටි දෙකක සංචිතයක්
Amal Tuesday, 02 January 2024 08:11 PM
බිත්තරේ ඔය තුන අස්සේ ගහගෙන ඉඳපල්ලා කුණු වෙනකම්ම. අපි රට ඉඳල එවන ඩොලර් ටික ලේසියෙන් විසි කල හැකියි එතකොට.
Lalla Tuesday, 02 January 2024 10:54 PM
මෙරට නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දේ ආනයනය කරන්නේ ඇයි.දේශීය නිෂ්පාදන වලපල්ලට යවන්න සහ කොමිස් ගහන්න නේද?...
sam Wednesday, 03 January 2024 08:51 AM
එකම බාස්කට් ඒකක ඔක්කොම බිත්තර දාන්ඩ එපා
සිල්වා Wednesday, 03 January 2024 12:55 PM
අලෙවිය පුළුල්කර කුණුවීම නතර කරන්න.
Lalla Wednesday, 03 January 2024 02:56 PM
වෙළඳ ඇමැතියාගේ ඒවත් ඔය ගොඩටම දාන්න. රට විනාශ කරන්න කොමිස් ගැහිල්ල...!