(යොහාන් භාසුර)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි දෙකකට අධික සංචිතයක් ඇති බව එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (2) පැවසීය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගබඩාවල, කොළඹ වරාය තුළ සහ ඉන්දියාවේ සිට මෙරටට ළගා වෙමින් ඇති බිත්තර තොග ලෙස බිත්තර ලක්‍ෂ 70 බැගින් ඇති බවත් අඛණ්ඩව බිත්තර තොග ඇනවුම් කරන බවත් වලිසුන්දර මහතා කීය.
සතොසට බිත්තර ලක්‍ෂ 10 බැගින් දෛනිකව නිකුත් කරන බව කී ආසිරි වලිසුන්දර මහතා එම බිත්තර සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තරේ ඔය තුන අස්සේ ගහගෙන ඉඳපල්ලා කුණු වෙනකම්ම. අපි රට ඉඳල එවන ඩොලර් ටික ලේසියෙන් විසි කල හැකියි එතකොට.
මෙරට නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දේ ආනයනය කරන්නේ ඇයි.දේශීය නිෂ්පාදන වලපල්ලට යවන්න සහ කොමිස් ගහන්න නේද?...
එකම බාස්කට් ඒකක ඔක්කොම බිත්තර දාන්ඩ එපා
අලෙවිය පුළුල්කර කුණුවීම නතර කරන්න.
වෙළඳ ඇමැතියාගේ ඒවත් ඔය ගොඩටම දාන්න. රට විනාශ කරන්න කොමිස් ගැහිල්ල...!