IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජයේ වංචා දූෂණ රාජ්‍ය ආදායමට වඩා වැඩියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජයේ වංචා දූෂණ පිළිබඳව තිබෙන ගණන් හිලව් එකතු කළහොත්  එය රාජ්‍ය ආදායමට වඩා වැඩි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උදාහරණයක්  ලෙස ගතහොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අහිමි වීම් ,මෙන්ම නොගෙවා පැහැර හැරීම්  කෝටි අනූදාහක් වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව  දූෂණ වංචා සියල්ලම එකතු වූ විට කෝටි හතළිස් පන්දහසක් බව අබේසිංහ මහතා කීය.

පසුගිය අවුරුදු වල රාජ්‍ය ආදායම කෝටි දෙලක්ෂයක් බව කී මන්ත්‍රීවරයා රාජ්‍ය ආදායමට වඩා වැඩි දූෂණ වංචා ප්‍රමාණයක් මේ ආයතනවලින් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා) වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල් තැබීමේ  විවාදයේ අදහස් දක්වමින් අශෝක් අබේසිංහ මහතා මේ බව කීය.

කෝපා කමිටුව වසර 100ක් පුරා මේ කරුණු සොයා බලා පාර්ලිමේන්තුව දැනුවත් කළත්  කිසිම වැඩක් වී නැතැයි කී මන්ත්‍රීවරයා  දූෂණ වංචා කරන අය නිදැල්ලේ ඉන්න බවද අලාභ  අයකර ගැනීමට හෝ නඩු පැවරීමට ක්‍රමවේදයක් නැතැයි ද පැවසීය.



අදහස් (3)

රජයේ වංචා දූෂණ රාජ්‍ය ආදායමට වඩා වැඩියි

charith Tuesday, 17 October 2023 12:52 PM

මෙයාලාට දූෂණ, වන්චා මතක් වෙන්න විපක්ශෙට යන්නම ඕන. බලේ ඉද්දි කිසිම දෙයක් පේන්නෙත් නෑ, දූශනය, වන්චාව පේන්නෙත් නෑ. ඕන්න චන්දය පැරදිලා විපක්ශෙට ගිය ගමන් අනේ රට ජාතිය, දුප්පත්කම මතකයට එනවා...

:       0       0

C.K.Lankaputhra Tuesday, 17 October 2023 07:17 PM

එහෙම තමයි. රට දියුණු කරන කොට වංචා දූශන වැඩි වෙනවා. ඇමරිකාව එංගලන්තයේ උනත් එහෙම තමයි. ඒ රටවල් වල ස්ත්‍රී දූශනම දවසකට කීයක් වෙනවද බලන්නකෝ. ආර්ථික විද්‍යාව ගැන මලපොතේ අකුරක් දන්නැති අය දූශන ගැන මෙහෙ අය කතා කරනවා.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 17 October 2023 09:20 PM

වසර 100 ක්, මේව කාටද කියන්නෙ? හොඳයි වසර සීයක් තිබුනා කියල හිතමු ඒත් තව පන්දාහක් තිබුනත් ප්‍රතිපලය එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site