(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) විසින් ප්‍රධානත්වය දරන රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ඒකකයක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමටත් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රාජ්‍ය -පෞද්ගලික හවුල් ඒකකයක් පිහිටුවයි