(යොහාන් භාසුර)
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා
මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය නිලධාරීන් ගැන 1905 ට කියන්න
Nihal Monday, 11 September 2023 11:09 AM
රජයේ ආයතනවල කොපමණ වාරයක් ඇමතුවත් ගන්නේ නෑනේ
තලගල Monday, 11 September 2023 11:49 AM
ඇමතිලා කරන අකටයුතු ගැනත් කියමු නේද?
Mh Mohan Monday, 11 September 2023 12:00 PM
නිහාල්, හරියට හරි... ඒ ෆෝන් එකෙන් පුද්ගලික කතා.
ravin Monday, 11 September 2023 01:11 PM
ඇනුන්ට ඇගිල්ලක් දික්කරනකොට තමුන්දෙසට ඇඟිලි හතරක් දික්වෙන බව නොදන්නවාද?
දියෝනිස් Monday, 11 September 2023 01:50 PM
ඉතින් ඒවායේ විවිධ දෙපාර්තමේන්තු නිලධාරි ඉන්නවා ඔවුන් කියාවි අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නොවෙයි, ඔබලාට අපි ගැන බලන්න බැහැ කියලා... උදාහරණයක් හැටියට පළාත් සභා නිලධාරියෙක් වරදක් කළානම් ඔහු ආපසු පළාත් සභාවට අරගෙන නිදොස් කොට නිදහස් කර උසස් වීමක් සහිතව රැකියාව දේවි.. එම ඔෆිස් එකට වෙනත් කෙනෙක් එවාවි අපි නොදන්නා පරීක්ෂණ හා විමර්ශන... මේක රාජ්‍ය සේවයේ අනිවාර්ය පරීක්ෂණ ක්‍රමයක් කර පරීක්ෂණ නිලධාරින්ට විධිමත් බලතල පැවරීමක් නැතුව ඔය දේවල් ප්‍රයෝජනයක් නැහැ.. ඕක කිසිදාක සාර්ථක වෙන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා එම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ලේකම් ඔෆිස්වල නිලධාරි සඳහා මුලින්ම කරන්න කියලා කියන්න ඕන දැනට ඒ දෙපාර්තමේන්තුව අන්තයටම පිරිහිලා අවසන්...
5091 anura uae Monday, 11 September 2023 02:04 PM
1905 රටේ ඩොලර් සංචිතය අතුරුදහන් වී ඇත. සොයා බලන්න ගත්තේ කවුද කියලා...
චන්දන Monday, 11 September 2023 05:27 PM
රට වනසන දේශපාලකයින් ගැන කියන්නේ කාටද?
සල්ලි Tuesday, 12 September 2023 07:26 AM
ඕක කියන්න අශෝක ගේ පොටෝ එකක් දාන්න ඕනමද ? ඒක කියන්නේ කාටද?
Bamunuarachchi Tuesday, 12 September 2023 08:51 AM
ප්‍රාදේශීය සභා වල පගාව ගන්න TO ලා ගැනත් කියන්න පුලුවන්ද? ඉසෙල්ලා කියන්න ඔය නොම්මරේ වැඩ කරන එකක් ද ?