
(ඥාණසිරි හෙට්ටිආරච්චි)
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්නේය.
වී අලෙවි මණ්ඩලයේ අම්පාර තිස්සපුර ෆබඩාවට එම වී තොගය අලෙවි කළේය. දසුන් චානක හේරත් නමැති ගොවි මහතකු ලබා දුන් වී තොගයේ වී කිලෝ 650ක් තිබුණි.
වී මිලදී ගැනීමේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම , වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරු එන්. එස්. සේනානායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තුෂාර පෙරේරා සහ ගබඩා නිලධාරි ප්‍රියන්ත කුමාර, යන මහත්වරුන් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී කිලෝ 650 ගන්නා මෙච්චර නිලධාරි මඩුල්ලක්...
කරුණාකර මට ඔහුගේ දුරකථන අංකය ලබා දෙන්න. රජුන් කියාගන්නා කුහකයින් අතර රට ගැන සිතූ ඒ අහිංසක ගොවි මහතාට ත්‍යාගයක් ලබාදීමට මම සූදානම්...!
ඔන්න වක්කඩ කැඩුවා, ඉස්සරහට බලාගන්න ගොවියෝ වී දෙන හැටි, කුහක මාධ්‍ය සහ පොහොට්ටු ගෝලයෝ මේක අසාර්ථක වෙලා හාල්මිල වැඩිවෙලා ජන ජීවිතය අවුල් වෙනකං බලාගෙන හිටියට ඒවා වෙන්නේ නැහැ පුතෝ, මේ රජයේ මැති ඇමැතිලා සැප විඳින්නේ නැහැ, ජනතාව ඒක දන්නවා, ජනතාව හිටපු අය හදවතින්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. එන කෙනෙක් එනවා නම් මීට වඩා ජනතාවාදිව එන්න, අපිත් සහයෝගය දෙන්නම්...!
පක්‍ෂ අරමුදලෙන් යැපෙන ගොවියෙක්ද කොහේද? ඔය ටික දෙන්න කියලා කිව්වේ ටිල්වින්ද?
ඔව් මමත් කැමතියි ඒ අදහසට...
මහ මෝල්ලු කකුල් දෙක ළඟටම ගිහින් වී මිලදී ගන්න වෙලාවෙ මේ මිනිසුන් කරන කැප කිරීම අගය කල යුතුමය. නරකද රජය මේ වෙලාවේ ගබඩා වලට වී ගෙනෙන ගොවීන්ට ප්‍රවාහන දීමනාවක් වගේ දෙයක් දෙන්න කටයුතු කළොත්. තම බත් පතට වඩා රටක බත් පත වෙනුවෙන් පෙරට ආ ඔබ තුමන්ට ගොඩාක් පින්.
කරෝලිස් වගේ උන් වෙන්ඩැති ආණ්ඩුවට වී දෙන්ඩ එපා කියන්ඩ ඇත්තේ , කුහකකම ඒකෙන්ම පේනවා. ගොවියෝ මහන්සි වෙලා ගන්න වී ටික හාල්මෝල්කාරයෝ අරගෙන වැඩි මිලට විකුණලා ලාබ ගන්නකොට හොඳයි කියලා හිතෙනවා ඇති...
කවුරුවත් වැඳගෙන නැහැ... ඒකතමයි වෙනස...!
පරාර්ථකාමී ගොවීන් අගය කරමු.
හැමදාම ඩඩ්ලි, සිරිපාල ගම්ලත්, මිත්‍රපාල ලංකේශ්වර ප්‍රමුඛ සහල් මාෆියාව අපිව ගසා කනවා. ආණ්ඩු කරන්නේත් ඔවුන්ට අවශ්‍ය දේ, ගොවියෝ මණ්ඩලේට වී දෙන්නේ නැතිනම් අපේ බදු මුදල් වලින් ගොවියාට පොහොර සහනාධාර දෙන්න එපා ඒවාත් ඩඩ්ලිගෙන්ම ඉල්ලා ගන්න කියන්න. ආණ්ඩුව කැමැති කෙනෙකුට සහල් පිටරටින් ගෙන්වන්න අවසර දෙන්න උපරිම කිලෝ එකට රුපියල් 10ක් පමණ බද්දක් ගහන්න. පිටරටින් ගෙනත් 130-150 දෙන්න පුළුවන් සහල් අපි 280 කන්නේ මොකටද? අපිට මේ සෙල්ලම එපාවෙලා ඔය බම්බු සහතික මිලවල් වලින් අපට වැඩක් නැහැ. සහල් මිල 200ට අඩු නොවුණොත් අපි කෙලින්ම, ලබන පළාත්පාලන ඡන්දේදි ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නැහැ. සරලව කියනවා නම් අපිට බත් ටිකක් කන්න, සහල් ටික සාධාරණ මිලකට දෙන්න බැරි නම් ඡන්දෙ නැහැ. අපි හැම් බේකන් ඉල්ලන්නේ නැහැ.
කිලෝ 650ට එන කන්නයේ කිලෝ 2500 දෙන්න වාසනාව, ශක්තිය සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා...!
සහල් මාෆියාව, ගොවියෝ, ආණ්ඩුව හිතන් ඉන්නේ රටේ බහුතර ජනතාව බත් කන හරක් කියලා...
ඔබතුමාගේ මීළඟ අස්වැන්න මෙයට වඩා සාර්ථක වේවා! ජයෙන් ජයම වේවා
ජෙප්පො ටිකට ඉතින් ඉතියෝපියාවට පාන් දැම්ම වගේ මේ ප්‍රවෘත්තිය. බලන්නකො තියෙන සන්‍තෝසෙ. ඔය ගොයියා ඊලඟ ඡන්දෙන් පළාත් සභාවට ඉල්ලන එකෙක් නේද? ඒකවත් හොයල බැලුවද ජෙප්පනි? ඌට හැබැයි මොලේ තියෙනව. බලන්නකො ෆ්‍රී ඇඩ්වටයිසින් නේ. සල්ලිත් අරගෙන ඇඩ් එකක් දාගෙන ඌ.
ජෙබයියෝ කරොලිස්ගේ කුහකභාවය ගැන කියවනවා. මුළු රටම හොම්බෙන් ගිහිල්ලා තියෙන වෙලාවේ, රට ඉන්න මිනිස්සුන්ට ලංකාවට සල්ලි එවන්න එපා කියලාත් පිරිසිදු මාලිමාවේ ඉන්න කුහක ජෙප්පෝ කිව්වා. මතකද? දන්නැහැ ?
ඉන්දියාවෙන් ඩොලර් බිලියනේක ආයෝජන ගලෝගෙන ගියා ඊයේ. ඇමරිකාවෙ ජනාධිපතිතුමා කියනවා ලංකාවේ අරගල කලේ ඇමරිකන් සල්ලි වලින් කියලා. මාලිමාවෙ මිනීමරුවො මිනී මරලා ගෙවල් ගිනි තියලා ඒකට කුලිය අරන්. ඒ අස්සේ මුන් මෙතන වී කිලෝ 600ක් විකුනුව කියල හුරේ දානව. ලැජ්ජයි හැබැයි.
පුද්ගලික හාල් මෝල් වලින් භාර ගත්තේ නැති තොගයක්ද දන්නේ නැහැ.
මේක මාධ්‍ය සංදර්ශනයක් පමණි, ජෙප්පෝ හොඳට දන්නවා මාධ්‍ය සංදර්ශන දාන්නත්.
මත්තලට හරි හම්බන්තොටට හරි ගුවන් යානයක් හරි නැවක් හරි ආවා වගේ....:-)
ආණ්ඩුවට වී නොදෙන ගොවි මහතුනි රජයට මේ කන්නය වී නොදෙනවා නම් ලබන කන්නයේ ද ඔය වියරුවෙන් තප්පුලන්න...
හොර ගොයියෝ ආණ්ඩුවට වී දෙන්නේ නැහැ කියලා ගෝරනාඩු දැම්මට සැබෑ ගොවියෝ ජනතාව සමගයි ආණ්ඩුව සමගයි.
සෝචනීයයි තත්ත්වය
මේවා සංදර්ශන
ඉස්සර මත්තල ප්ලේන් එකක් ආවාම ඕවා නිවුස් ද කියලා අහපු ජෙප්පෝ දැන් වී ගෝනි ටිකක් හම්බුණාමත් නිවුස් වලට දානවා
පුන්නක්කු කන අපි හරි කැමතියි, ගොයියෝ වී ටික ආණ්ඩුවට නොදි මොල්කාරයන්ටම දෙනවා නම් අපේ හාමුදුරුවනේ.
මේකට සෘනාත්මකව ඩිස්ලයික් දාන්නෙ පුනක්කු කන උන්, පුදුමෙ මේ කුලියට කොටන උන් තවමත් ඉන්න එක.
බොරු සංදර්ශන නැතුව මහපරිමාණ මොල ක්‍රියාකරවීමට හිතුමතේ ක්‍රියාවට යොදලා, එදා නොදූ ජනතාවට බත සපයාගන්න පහසු විදිහක් සකස් කරන්න.
ඔය වී මිල වැඩි කරන්න කියලා බෙරිහන් දෙන්නේ වෙන දෙයකට නෙමෙයි. මෝල් කාරයන්ට ඊළඟට හාල් මිල වැඩිකරන්න තුරුම්පුව හදලා දෙන්න දඟලන සමහර මාධ්‍ය කාරයෝ සහ මෝල් කාරයන්ගේම කුලියට කහින මිනිස්සු. ඒ ගොල්ලෝ ස්වේච්චාවෙන්ම මෝල් කාරයන්ට විකුනන්නෙත් අඩු ගානට. ඊට පස්සේ මෝල් කාරය කියනවා වී මිලදී ගත්තේ ආණ්ඩුවේ නියම කරපු මිලට නිසා අනිවාර්යයෙන්ම හාල් මිලත් ඉහල දාන්න වෙනවා කියලා. ඊළඟට හාල් මිල නැග්ගුවහම ඔන්න සමහර මාධ්‍ය පටන් ගන්නව හනේ හපොයි රටේ මිනිස්සුන්ට බත් කන්න හාල් ගන්න වෙලා තියෙන්නේ ගිනි ගණන් වලටනේ, මොන අපරාධයක්ද මේ කියලා. දවස ගානේ වොයිස් දානවා. සමහර මාධ්‍යත් මේ වෙලාවේ බොරදියේ මාළු බාන්නේ ආණ්ඩුව පෙරලලා තමුන්ගේ කල්ලියට නැවත බලය ලබා දෙන්නයි. මේ මෝල් කාරයන්ගේ හාල් මාෆියාව නැති කරන්න නම් මේ ආණ්ඩුව කරන වැඩ පිළිවෙල එක අඟලක් පස්සට ගන්න නරකයි.
සෙනවිරත්න කන්නෙත් පුන්නක්කු... බත් නම් වෙන්නම බෑ.
සාදුකාරයක් දෙන්න පින්වතුනි, අලුත් සහල් මංගල්ලයට වී ගෙනැල්ලා ! දැන් අලුත් සහල් මංගල්ලය පැවැත්වෙන්නේ අනුරාධපුරෙවත්, මහනුවර දළදා මාලිගාවෙවත් නෙමෙයි, අම්පාරේ වී ගබඩාවක !
බත් කෑම කෙසේ වෙතත්, දේශපාලකයින්ගේ කකුල් ලෙව කමින් කටු සුප්පමින් හා ව්‍යාපාරිකයින්ගේ ඉඳුල් ලෙව කමින් මෙතන පහරන කුක්කන්ගේ නින්දිත අදහස් දැක අප්‍රසන්න කමක් දැනුණා...සමාජමය වශයෙන් විශාල ලෙස පිරිහුණු රටක්, ගොඩ නැගීමට උත්සහ දරමින් සිටින වර්තමාන රජයේ සියලුම කටයුතු සමච්චලයට ලක්කරමින් මේ බලු කුක්කන් නටන නාඩගම මොකක්ද..? සෑම දේම දේශපාලන කෝණයෙන් බලා මේ රට බංකොලොත් කල රාජපක්ෂ පොහොට්ටු හොර නඩය නැවතත් බලයට ගේන්නද මොවුන් මේ බෙරිහන් දෙන්නේ..?
භද්‍රානි, මෙතන සමහර කමෙන්ට්ස් දාලා තියෙන්නේ අර හොරුන්ට කඩේ ගිහින් පැරැදුණු සෙට් එකේ තවමත් රටට කෙළවෙන කන් බලන් ඉන්න සෙට් එක. ඔවුන්ගේ හිසේ සිට දෙපතුළ දක්වාම තියෙන්නේ කුහක ගතිය.. නමුත් රටේ බහුතර ජනතාව මේ ප්‍රශ්නය දන්නවා..
අම්මෝ බද්‍රානි, දැන් ඉතින් ඉවරයි....
ගොවි මහතාට පිං, සමස්ථ ජනතාවගේ මුදල් ටික හාල්මෝල්කාරයෝ 10 ක් 15 ක් හා ඔවුන්ගේ පවුල්වල දේශපාලකයින් අතර බෙදා ගන්නා බව ජනතාවට තේරුම් ගැනීමට ජනතාව කවදා තේරුම් ගනීවිද? හාල්මෝල් මාෆියාව අවුරුදු 20 කටත් වැඩි සැලසුම් සහගත ක්‍රියාවක් බව හිටපු කෘෂිකර්ම ඇමැතිලා හා මහවැලි ඇමැතිලා කවුරුන්ද යන්න සොයා බැලුවොත් ජනතාවටත් තේරෙයි.
ගුණාත්මය වැඩිකළ හැක්කේ තරගය වැඩි කිරීම තුළින් මිසක් දේශපාලනය බලය භාවිතා කර තරගය වැළැක්වීම තුළින් නොවේ. පුද්ගලික වී මෝල් හිමියන්ට රජයට වඩා බලයක් තිබෙන බව පැහැදිලියි.
160 වී ගත්ත කියමුකෝ හාල් 01kg හදන්න වී 01.5 kg යනව.එතකොට වී සදහා පමනක් රැ:240.00ක් වෙනව.ඊට අමතරව වී කොටන්න යන වියදම.සහ අනෙකුත් වියදම් බලපුවහම ඔය කට කියවන අප්පුහාමිලට තේරෙයි හාල් වල මිල කීයද කියල