(අංජුල මහික වීරරත්න)
රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතය. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුවේ ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද රණතුංග මහතා කියයි.
මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුව මෙම සතියේ දී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.
මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10 ට ආසන්න පිරිසක් නියුතු වෙති.
කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රජයේ කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 20ක හිඟ මුදල් ගෙවයි
Sunil Wednesday, 26 October 2022 03:44 PM
122 න් 20 ක් කියන්නේ මොන සොච්චමක්ද? එයටත් රජයේ අවධානය යොමු වෙලා පමණයි. ගෙවීම ස්තිර නැහැ. ඉතිරි සුවිසල් මුදල් ප්‍රමාණයෙනුත් තවත් සුළු කොටසක් ලබා ගන්නට එන වසරේ මාර්තු වෙනකල් ඉන්න වෙයි. එයිනුත් ඉතුරු මුදල් ලැබෙන්නේ කවදද? කෙදිනක හෝ ලැබෙන්න නම් එයට වසර කිහිපයක් ගත වෙයි. එතෙක් මේ ආතනවල සේවකයන් සහ ඔවුන්ගේ දරු පවුල් හාමතේ. ව්‍යාපෘති ආරම්භ කළ යුත්තේ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇත්නම් පමණයි. මේ ව්‍යාපෘති ආරම්භ කරන් උපදෙස් දුන් බූරි ඇමතිලා කවුද? උනට නම් දැන් සැපයි. ලූණු කෑවද?
fairoos Wednesday, 26 October 2022 07:50 PM
ඔබතුමාට සහ නෑදෑයන්ට අයිති කොම්පැනි කීයක් අර ලිස්ට් එකේ තියනවද කියලත් හෙව්වනම් හොඳයි නේද?