(අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ආණ්ඩුව වහාම සාකච්ඡා කළ යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ආණ්ඩුව මෙම පනත ගැන කිසිවකුත් සමඟ සාකච්ඡා නොකරන්නේ යම් හොරයක් තිබෙන නිසා බව ද ආණ්ඩුවේ අරමුණ රට පුරා පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇරඹීම යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවෙි මුළු රටේම අධ්‍යාපන ක්ෂෙත්‍රය මිලිටරිකරණයකට ලක් කරන්නට ආණ්ඩුව සූදානම් වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ කාලේ ගෙනාපු පනත් සාකච්ඡාවට බඳුන් කළ ආකාරය අපිට හොඳින් මතකයි. වැදි බණ කියන්නේ ඔන්න ඕවට මහත්තයා...
මේ තමුන්ලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටට අත්‍යවශ්‍ය පුද්ගලික විශ්වවිද්‍යාල පද්තිධයක් පටන් ගන්න සහය දෙන්න.රජයේ විශ්ව විද්‍යාල වලටත් 10% මුදල් ගෙවා පිරිසක් ගන්න. හැමදාම ,හැමදේම නොමිලේ දෙන්න පුළුවන් තත්වෙකද රට තියෙන්නේ ? .නිදහස් අධ්‍යාපනය අරගෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල පදිංචියට යන අයගෙන් , නිදහස් අධ්‍යාපනයට ගිය වියදම ආපසු ගන්න ක්‍රම සකස් කරන්න . නොමිලේ උපාධියත් දීලා පෙන්ෂන් ලැබෙන රජයේ රස්සාත් දෙන්න පුළුවන් කොයි රට ට ද ?
2018 ඔහෙලා මේ පනත ගෙනෙන කොට සාකච්ඡා කලේ නැද්ද? මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක්... මේකට ළමයි එන්නේ මුදල් ගෙවලා.. එහි නීති රීති ගැන අවබෝධයකින් ඒවාට අනුගත වෙලා. ආචාරියන්ට තිබෙන්නේ උගන්වන්න බැරිනම් ඒ ගොල්ලොත් පිටරටින් ගෙනෙමු. මොකද ගෙවන්නේ අපි... විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොවෙයි.. එහෙම කළොත් පිටරටින් ළමයි ඒවි මෙහෙ ඉගෙන ගන්න.
හෝඩියේ ඉඳලා උසස් පෙළ දක්වා ළමයි ටියුෂන් යනවා. ඒවා පෞද්ගලික ඒවා නේද? වෙනත් උපාධි ප්‍රධානය කරන කළමණාකරණ ආයතන ඕනෑතරම් ලංකාවේ තියෙනවා. ඇයි මේ KDU එකට විතරක් උඩ පනින්නේ. විවෘත විශ්ව විද්‍යාලයත් සල්ලි අරගෙන නේද උගන්නන්නේ..? එක්තරා කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක් දන්නවා මෙවැනි ආයතන තුල නවක වදය වැනි දේවල් කර තම පිලට ශිෂ්‍යයින් අල්ලා ගැනීමට හා මොල සෝදන්න (Brain wash) බැරි බව. සටහන දී බෝඩ් එකට උගන්වන කථිකාචාර්යවරු එමට රජයේ විශ්ව විද්‍යාල තුල සිටිනවා. දැන් ඔවුන්ට තරඟයක් නැහැ. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල පැමිණියොත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී සිටීම ප්‍රශ්නයක් වීමට පුළුවනි. මෙවැනි හේතු නිසා කථිකාචාර්ය වරුන්ගෙන් කොටසකුත් සටනට පිවිසිලා...