(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරන ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවකට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.
ණය අයදුම්කරුවන් 49 කට බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ ණය මුදල දීමෙන් මෙම වංචාව සිදුව ඇති බවද කමිටුවේදී තොරතුරු හෙළිවිය.
මේ සම්බන්ධයෙන් කෙරුණු නෛතික කටයුතු අනුව රුපියල් ලක්ෂ 80ක මුදලක් අය කරගෙන ඇති බවත් ඉතිරි මුදල අයකර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් බැංකුවේ නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd