IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට නව සභාපතිවරයෙක්

 රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍රලාභී සුවිශේෂී මූල්‍ය ආයතනයක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ  (SMIB)  නව සභාපති ධුරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත්වී ඇත.

SMIB බැංකුව මෙම නව පත්වීම සඳහා එළැඹ ඇත්තේ සිය ශාඛා ජාලය සහ ඩිජිටල් හැකියාව තවදුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි සකස් කළ මූල්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් බව එම බැංකුව සඳහන් කරයි.

ජෝශප් සූසයිතාසන් මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ඇඟලු‍ම් නිෂ්පාදන සහ සංචාරක අංශයේ වසර 26කට අධික මනා පළපුරුද්දක් ඇති වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සෙසු සාමාජිකයකු ලෙස ඔහු Timex & Fergasam Group සහ L.M.Collectections(pvt) Ltd මෙන්ම ටැන්සානියාවේ Star Apparels (T) Limited හි සාමාන්‍යාධිකාරී ඇතුළු සැලකිය යුතු තනතුරු රැසක් හොබවා ඇත. එමෙන්ම ඔහු පිලිපීනයේ Kpmg usaaig usaid සහ PRIME EXPONENTS lNCවැනි ගෞරවනීය ආයතන සඳහා කළමනාකරණ උපදේශකයකු ලෙස ද සිය දායකත්වය සපයා තිබේ.  කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව ඔහු සතු පුළුල් ප්‍රවීණතාව සමාගම්වලට වටිනා අවබෝධයක් සහ මගපෙන්වීමක් ලබා දීම සඳහා උපකාරී වී ඇති අතර, එමඟින් ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. ඇඟලු‍ම් සහ සංචාරක කර්මාන්තයෙන් ලද අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් ජෝසප් සූසයිතාසන් මහතා ලබා ඇති  විශේෂඥ දැනුම SMIB ආයතනයේ ද  මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය සහ උපාය මාර්ගික සැලසුම් ආදී අංශයන් කෙරෙහි නිසැකයෙන්ම වටිනා අත්වැලක් මෙන්ම එම සංවිධානයේ සාර්ථකත්වයට සහ සංවර්ධනයට අගනා වත්කමක් ද වනු ඇත.

SMIB සිය ගනුදෙනුකරුවන්ට දේපල ඇප මත නිවාස ණය, පෞද්ගලික ණය, EPF ණය සහ වාහන ණය පහසුකම් ලබා දීමේ මෙහෙවරෙහි අඛණ්ඩව නිරත වී සිටියි. දිවයින පුරා ක්‍රමෝපායිකව පිහිටා ඇති ශාඛා 25කින් සමන්විතSMIB බැංකු ජාලය මඟින්, බාධාවකින් තොරව සහ සහතික කරන ලද පාරිභෝගික කේන්ද්‍රීය බැංකු අත්දැකීමක් සමඟින් SMIBබැංකුව සිය ඩිජිටල් සක්‍රීය ස්පර්ශක ස්ථාන පුළුල් කිරීමට  සූදානමින් සිටියි.

595

SMIB ආයතනයෙහි සභාපති ජෝසප් සූසයිතාසන්



අදහස් (0)

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට නව සභාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site