IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රජයේ ඉඩම් අක්කර 56,000ක් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට  අයත් රට පුරා ඉඩම් අක්කර 56,000ක් පමණ විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි  මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

එසේම රජය නිථ්‍යානුකූලව පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් අත්පත් කරගෙන ඇති බවද එම කාරක සභාවේදී හෙළිවූ බව මන්ත්‍රී ගාමිනී වලේබොඩ මහතා පැවසීය.

ඒ අනුව වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින ඉඩම් වහාම අත්පත් කර ගැනීම සඳහා කාරක සභාවේ සභාපති ගාමිණි වලේබොඩ  මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා එම කොමිසමේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගිය දා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව දැනට නිදහස්ව පවතින්නේ ඉඩම් අක්කර හත්දාහක් පමණක් බව එහි නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. මේ අනුව කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණ පිළිබඳව වාර්තාවක් ලබාගන්නා ලෙස කාරක සභාව එම කොමිසමට උපදෙස් දුන්නේය.



අදහස් (0)

රජයේ ඉඩම් අක්කර 56,000ක් පිල්ලි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site