(යොහාන් භාසුර)
අප්‍රේල් මස වැටුප් නොගෙවීමට විරෝධය දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පිරිසක් එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතාගේ කාර්යාලය වට කරමින් අද (29) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.
සේවකයන් සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුල්වීමට කළ උත්සාහයත් සමඟ කොළඹ 2 පිහිටි ඉංජිනේරු සංස්ථා මූලස්ථාන නොසන්සුන්කාරී තත්වයකට පත්විය. එම තත්වය හමුවේ සභාපතිවරයාට පැය කීපයක් කාර්යාලයේම රැදී සිටීමට සිදුවිය.
කොම්පඤ්ඤවීදිය පොලිසියේ සහ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මැදිහත්ව විරෝධාකරුවන් සභාපතිවරයාගේ කාර්යාලය අසළින් ඉවත්කර තත්වය පාලනය කළේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනතාවගේ ආරම්භයක්... කොරෝනා ඉදිරියට දාගෙන සියල්ල කරන්න එපා. මේ ඉන්නේ මිනිස්සු එයාලා ජීවත් වෙන්න ඕනේ... ඒකයි මේ අරගල... එක රටක්... එක නීතියක් කියන්නේනිකන් සිංහල හෝඩියේ අකුරු පෙළක් විතරයි...
මේ මිනිස්සු ජිවත් වෙන්න කරන අරගලයක් ලෙස මා මෙය දකිනවා අනේ ලංකාවේ මිනිස්සුන්ට වෙච්ච දෙයක්.....
මේ ආරම්භයක් විතරයි මහජනතාවගේ දුක
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැති වුණාට ලක්ෂ විසි තිස් ගණනේ ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන්ට පඩි ගෙවන්න සල්ලි තියෙනවා.
හොද වැඩේ සේරම දේශපාලන පත්විම් නේ