(සුජිත් හේවාජුලිගේ )

තමන් සන්තකයේ පවතින මැණික් විකුණා එම විදේශ මුදල් ( ඩොලර් ) රටට රැගෙන එන්නැයි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන්  රත්වත්තේ මහතා  සියලුම දේශීය මැණික්  ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

රටේ විදේශ විනිමය ප්‍රශ්නය විසඳා ගැනීමේ පියවරක් ලෙස තමා එම ඉල්ලීමක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.

රටේ පවතින මැණික් විකිණීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි හෙයින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී  වැඩි මැණික් ප්‍රමාණයක් විදේශයන්ට විකිණීමට හැකිවූ බවද ප්‍රකාශ කළේය.

මැණික් ඔන්ලයින් ක්‍රමයට විකිණීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද  ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.

රටේ පවතින වටිනා මැණික් විදේශයන්ට ඉතා කඩිනමින් විකුණා විදේශ විනිමය ගෙන ඒමට කටයුතු කරන්නැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට උපදෙස්දී ඇත.