IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතන නඩත්තු කළ මුදල් අධ්‍යාපනයට දුන්නා නම් ආසියාවේ අංක එක අපි

(අංජුල මහික වීරරත්න)

 ඉදිරි වසර 10 ඇතුලත අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව කී ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය. 

පසුගිය වසර 10 දී ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වියදම් කළ මුදල් අධ්‍යාපනය සඳහා වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතු බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ "Sri Lanka skills Expo 2023" ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12)  එක්වෙමිනි. 

“ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී මැයි 12,13 සහ 14 දිනවල පෙ.ව 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය සියලුදෙනාට නොමිලයේ නැරඹිය හැකිය.



අදහස් (6)

රාජ්‍ය ආයතන නඩත්තු කළ මුදල් අධ්‍යාපනයට දුන්නා නම් ආසියාවේ අංක එක අපි

කුමාර Friday, 12 May 2023 09:13 PM

මෙතෙක් නොමිලයේ ලබා දුන් වෘත්තීය පුහුණුව මුදල් අයකර ලබාදීම පටන් අරගෙන තියෙනවා කියලා දන්නේ නැතුව ඇති.

:       2       1

ase Friday, 12 May 2023 09:15 PM

කලකට පෙර අගමැති, අද්‍යාපන ඇමති වී සිටි මොහු හීනෙන් නැගිටලාවාගේ මොනාදෝ කියවනවා දෝ සිතෙන්නේ මට විතරද ?

:       4       1

City Saturday, 13 May 2023 05:53 AM

He has a vision and plan, but people never believed him because of the bad image created by the politicians and media.

:       3       1

ගජමිතුරු Saturday, 13 May 2023 05:55 AM

ජනාධිපතිතුමා ඔහොම සැලසුම් හැදුවට වැඩක් නැහැ මොකද ඊළඟට උම්මාදේවි හා පවුලේ උදවියත් සාගර හා රංජිත් පිරිසත් හදන්නෙ කපුටා ජනාධිපති කරන්න තමයි හැමදාම ලංකාවෙ වුනෙත් අලුතින් පත්වන ආණ්ඩුව පෙර සැකසූ සැලසුම් ඉවත්කර ඔවුන්ගේ චින්තන හා දැක්මවල් ක්‍රියාත්මක කිරීම තමයි මාලිමා කට්ටිය නම් අධ්‍යාපනය ගැන එතරම් හිතයිද කියලා සිතන්න වෙනවා මොකද ඔවුන් තමයි අධ්‍යාපනය විනාශ කරන්න දරුවො නොමග යවා නියම කාලයේ ඉගෙනීම අවසන් කරන්න නොදෙන්නෙ.

:       1       1

chandima Saturday, 13 May 2023 02:56 PM

මොන පිස්සුද? ඒ සල්ලි අධ්‍යාපනයට වියදම් කළා නම් ගොඩයන්නේ අපි නෙවෙයි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව වගේ රටවල්. රාජ්‍ය සේවයට දුන්නායින් ඒවගේ වැඩකරන රටේ දුප්පත් මිනිස්සු කාලා ඇඳලාවත් උන්නා.

:       6       1

ජනක Saturday, 13 May 2023 06:02 PM

අපොයි ඔව්, තව ටිකක් පිනට කන සමෘද්ධි කාරයෝ ටිකක් බිහිවෙන්න තිබ්බා. අධ්‍යාපනයට ආයෝජනය නොකළ අය නම්...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 293 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 816 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1232 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site