
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර 10 ඇතුලත අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අධ්‍යාපනය නවීකරණය සඳහා කැබිනට් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බව කී ජනාධිපතිවරයා කඩිනමින් නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
පසුගිය වසර 10 දී ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වියදම් කළ මුදල් අධ්‍යාපනය සඳහා වැය කළා නම් ආසියාවේ හොඳම අධ්‍යාපනය ශ්‍රී ලංකාව සතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ "Sri Lanka skills Expo 2023" ශ්‍රී ලංකාවේ ප්‍රථම නිපුණතා සහ රැකියා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) එක්වෙමිනි.
“ජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී මැයි 12,13 සහ 14 දිනවල පෙ.ව 9.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එය සියලුදෙනාට නොමිලයේ නැරඹිය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් නොමිලයේ ලබා දුන් වෘත්තීය පුහුණුව මුදල් අයකර ලබාදීම පටන් අරගෙන තියෙනවා කියලා දන්නේ නැතුව ඇති.
කලකට පෙර අගමැති, අද්‍යාපන ඇමති වී සිටි මොහු හීනෙන් නැගිටලාවාගේ මොනාදෝ කියවනවා දෝ සිතෙන්නේ මට විතරද ?
He has a vision and plan, but people never believed him because of the bad image created by the politicians and media.
ජනාධිපතිතුමා ඔහොම සැලසුම් හැදුවට වැඩක් නැහැ මොකද ඊළඟට උම්මාදේවි හා පවුලේ උදවියත් සාගර හා රංජිත් පිරිසත් හදන්නෙ කපුටා ජනාධිපති කරන්න තමයි හැමදාම ලංකාවෙ වුනෙත් අලුතින් පත්වන ආණ්ඩුව පෙර සැකසූ සැලසුම් ඉවත්කර ඔවුන්ගේ චින්තන හා දැක්මවල් ක්‍රියාත්මක කිරීම තමයි මාලිමා කට්ටිය නම් අධ්‍යාපනය ගැන එතරම් හිතයිද කියලා සිතන්න වෙනවා මොකද ඔවුන් තමයි අධ්‍යාපනය විනාශ කරන්න දරුවො නොමග යවා නියම කාලයේ ඉගෙනීම අවසන් කරන්න නොදෙන්නෙ.
මොන පිස්සුද? ඒ සල්ලි අධ්‍යාපනයට වියදම් කළා නම් ගොඩයන්නේ අපි නෙවෙයි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව වගේ රටවල්. රාජ්‍ය සේවයට දුන්නායින් ඒවගේ වැඩකරන රටේ දුප්පත් මිනිස්සු කාලා ඇඳලාවත් උන්නා.
අපොයි ඔව්, තව ටිකක් පිනට කන සමෘද්ධි කාරයෝ ටිකක් බිහිවෙන්න තිබ්බා. අධ්‍යාපනයට ආයෝජනය නොකළ අය නම්...!