IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය ආයතන කෝටි 250 ක් විදුලිබලයට පොල්ල තියලා

(යොහාන් භාසුර)

රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව කී එම නිලධාරියා ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොවුවද විදුලිබ විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (5)

රාජ්‍ය ආයතන කෝටි 250 ක් විදුලිබලයට පොල්ල තියලා

සඳුන් Thursday, 29 December 2022 08:59 AM

රාජ්‍ය ආයතන රජය කරවන ඇමැතිවරු විදුලි බිලට පොල්ල තියනවා. ටෙන්ඩර් හොරු ගල් අඟුරු වලින් ගසා කනවා. පෞද්ගලික බලාගාර ඇති නිලධාරීන් ජලාශවල ජලය අපතේ යවනවා. මණ්ඩලයේ ලොක්කන් හිතුමතයට පඩි දිරිදීමනා වැඩිකර ගන්නවා. ඇමැතිවරයා හා වෘත්තීය සමිති එළිපිට මරා ගන්නවා. මේ හොර ගුහාවේ වැඩනිසා නහුතෙට වැඩි කිරීමට නියමිත විදුලිබිල ගෙවීමට මහ ජනතාව සැදී පැහැදී සිටිනවා.

:       0       4

කිරිපුතාThursday, 29 December 2022 09:44 AM

ඒ සේරම අල්ලලා විදුලි බිල වැඩි කරලා සාමාන්‍ය ජනතාව මරන්න හදනවා. සියලු ව්‍යාපාර නැති කරලා දාන්න හදනවා

:       0       5

විදුලිලියා Thursday, 29 December 2022 10:49 AM

විදුලිබල මණ්ඩලයේ විදුලිබිල කීයද? පොඩ්ඩක් බලන්න එයාලා හරියට ගෙවනවාද දන්නෑ...!

:       0       1

නිමල් සෝලංගාරච්චි Friday, 30 December 2022 05:21 AM

හැමෝම කතා වෙන්නේ CEB, සිපෙට්කෝ වගේ ආයතන ලබන පාඩු සහ ඒවායේ දූෂණ ගැන විතරයි. හැබැයි සෞඛ්‍ය අංශය කියන්නේ සුදු ඇඳගෙන හොරකන් කරන තැනක්ම තමයි. ලක්ෂ ගණන් හොර අතිකාල දාගන්න තැනක්. ලෝකෙ කොහේවත් නැති විදියට ඇඟිලි සළකුණු යන්ත්‍ර, පැමිණීමේ ලේඛන එපා කියලා වර්ජන කරන පිරිසක්. බහුතරයක් තරුණ වෛද්‍යවරු මාසෙට දවස් 6 යි වැඩ කරන්නේ... පැය 24 ගානේ බැලුවත් උදේ 8-4 රැකියාවක් කරන අයෙක් තරම්වත් පැය ගණනක් සේවය කරන්නේ නෑ. ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදි හදාගෙන එයාලා. විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු උදේ 8-2 විතරයි. සති අන්තේ නිවාඩු. නමුත් වැටුපට අමතරව පැය 120 අතිකාල විතරක් රුපියල් ලක්ෂයක්... මුලු වැටුප ලක්ෂ 2 ක් ගන්නවා. රටේ මුදල් ඕනැතරම් තියෙනවා නම් ගත්තාට කමක් නෑ. මේ වගේ අවස්ථාවක, ළමා වාට්ටුවල ළමයින්ට ආහර වේල දීගන්න බැරුව ඉද්දී, සෞඛ්‍ය අංශයේ විදුලි බිල් කෝටි ගණන් ගෙවාගන්න බැරුව ඉද්දී, රෝහල්වල ගොඩනැගිලි හදපු කොන්ත්‍රාත් සමාගම්වලට මිලියන ගණන් ගෙවා ගන්න බැරුව ඒ ආයතනත් බංකොළොත් කරලා ඒවායේ සේවකයින් දහස් ගණනක් පාරට වට්ටලා ඉන්න වෙලාවකවත් අඩුම තරමේ තමන් ඇත්තටම කරන පැය ගාණට අතිකාල ගන්න වටිනවා නේද?

:       0       0

Bamunuarachchi Saturday, 31 December 2022 07:49 AM

විදුලිබලය ණයට දීම නවතා ලැබිය යුතු මුදල් අයකරගෙන OT දීම නැවත්තුවොත් විදුලි බිල වැඩිකරන්න උවමනා නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site