(සුජිත් හේවාජුලිගේ )
උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙය එම ආයතන ඊට කලින් වසරේදී (2021) වර්ෂය පුරා ලැබූ අලාභයටත් වඩා වැඩි අගයක් බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ මුල් මාස හතරේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 62,800ක් බව සඳහන් කරන මහාචාර්යවරයා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි විසි හතර දහස් අට සියයක පාඩුවක් ලබා ඇතැයිද සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය එම කාලසීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 4700 ක් බව වසන්ත අතුකෝරළ මහතා කීවේය.
මේ අතර එම ආයතන 55 පසුගිය 2021 වර්ෂයේදී රජය ඇපයට තබා රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහස් හය සියයක ණය ලබාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ එම වාර්තාවල දැක්වෙන බව හෙතෙම පැවසුවේය.
ඒ කාලසීමාවේදී රුපියලේ අගය සියයට 58 කින් කඩා වැටී තිබූ හෙයින් මෙම ආයතන පාඩු ලැබීම ඉහළ යෑමට එයද ප්‍රධාන හේතුවක්වූ බව පවසන මහාචාර්යවරයා රාජ්‍යය සතු ව්‍යවසායයන් 527ක් රටපුරා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
ආයතන 527 න් 290ක් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වන බවත් අනෙක් ආයතන තමන්ගේ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් කර නොතිබූ බවත් අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් තියෙනවා ගොවියාටත් වැඩක් නැහැ එහි සේවය කරන අයටත් සුගතියක් නැහැ. හොදම දේ තම ලංකාවේ ජලයට සම්බන්ධ තවත් රාජ්‍ය ආයතනයක් තියෙනවා ඒ ජාතික ජලසම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය එම ආයතනයයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි එක් ආයතනයක් බවට පත්කිරිම තුලින් වියදම් අඩු කරගැනීමට හැකිවිම හා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමට පහසුවිමයි කොහොමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසිකල යුතුයි.
මොන බොරුවක්ද එහෙම නම් ඒවායේ ලොක්කො ඔවුන්ටත් සේවකයින් හා නිළධාරින් සදහා( ඇමතිටත් නොලැබෙන්න බැහැ ) ලක්ෂ ගණනින් සංතෝස දීමනා දුන්නෙ කොහොමද?
ඔය ගොන්නට සෞඛ්‍ය අංශයත් එකතු වෙන්න ඕනෑ. ලාබද? පාඩුද? බලන්නේ නැතිනිසා පිටට පේන්නේ නෑ. ඇඟිලි සළකුණු තියා පැමිණීම පිටවීමවත් අත්සන් කරන්නේ නැති බහුතරයක් දොස්තරලා සහ අනෙකුත් සේවකයෝත් පුදුම විදියට හොර අතිකාල දාගන්නේ. පිට අය දන්නේ නැති වුණාට ඇතුලේ ඉන්න අය දන්නවා කෝටි කීයක් හොර අතිකාලවලට මහජන සල්ලි වැයවෙනවාද කියලා.... අනේ අම්මපා මේවා නියාමනය කරන්න කෙනෙක් නැති හැටි...
ජනසතු සේවා සියල්ල සහ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න. බණ්‌ඩාරනායක ලොක්කගේ කපටිකමට දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කළ ධනවතුන් විනාශය සඳහා කළ කුමන්ත්‍රණයේ ඵලය තමයි මේක... දේශීය ධනවතුන් විනාශය සහ ජාතික ධනය සහ ආයතන පාලනය ජඩයින් අතට යාම....