(අංජුල මහික වීරරත්න)
රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධිකරණ පද්ධතියේ සිදුවන ප්‍රමාදයන් වැලැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් රජයේ මැතිවරණ ප්‍රකාශනය මඟින් යෝජනා කර ඇත.
අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකිවන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම එමඟින් අපේක්ෂා කරන බව රජය කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීම යෝජනා කර තිබේ.
ඒ අනුව එවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීම පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී දැනට බලපවත්නා නීති සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ශ්‍රේෂ්ෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රජයේ අභිචෝදක කාර්යාලයක් හදන්න විශේෂඥ කමිටුවක්
යෝගා Thursday, 08 May 2025 02:44 PM
දේශපාලන පලිගැනීම් සඳහා අටවන්න හදන පිස්සු මගුලක්. කවදහරි ඕකට ගොදුරු වෙන්නේ මාලිමා කප්පම් කල්ලියම තමා.
අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 04:48 PM
මෝඩයෙක්ට තමන්ගේ මෝඩ කතාව වුණත් කියන්න ඉඩ දෙන්න තරම් ලංකාදීප කර්තෘ මණ්ඩලය නිහතමානී වීම අගය කොට සලකමි...!