(අජිත්ලාල් ශාන්තඋදය)
මෙවර යල් කන්නයේ වී වගාකරන ගොවීන්ට යූරියා සහ එම්ඕපී (මඩ පොහොර) අඩුමිලට දෙන බවට රජය පැවසුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන වල පොහොරවල මිල අඩුවක් නැති බව ගොවීහු කියති.
ඒ අනුව යූරියා කිලෝවක් රුපියල් 200 සහ එම්ඕපී කිලෝවක් රුපියල් 390 බැගින් මෙවරත් අලෙවි කරන බව ගොවීහු පවසති. ගිය යල් කන්නයේ දී ද අලෙවි කළේ එම ගණන්වලටය.
ඒ අනුව කිලෝ පනහේ යූරියා මල්ලක් රුපියල් 10000ක් සහ එම්ඕපී කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් පමණ වන බවට ගොවීන් මැසිවිලි නඟයි.
නමුත් කන්නය මුලදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසුවේ යූරියා සහ එම්ඕපී පොහොර මිල අඩුකර යල් කන්නයේ ගොවීන්ට ලබාදෙන බවයි.
පසුගිය යල් කන්නයේ ද එම්ඕපී පොහොර කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් වු බැවින් ගොවින් වැඩි දෙනෙක් වී වගාවට එම්ඕපී යෙදීමෙන් වැළකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුකරන්නේ කොහොමද? රටපුරා අණබෙර ගහන්න වියදම් යනවා. අණබෙරකරුවන් තෝරා ගන්න ටෙන්ඩර් සඳහා වියදම් යනවා.. බෙරකරුවන්ට ගෙවන්න වෙනවා. ඒවා එකතුවන කොට කියපු ආකාරයට දෙන්න බැහැ තමයි. ඒ නිසා කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනෑ...
ඇමතිගේ කයිවාරු විතරයි.මේ කාලකන්නි රනිල් රාජපක්ෂ ආණ්ඩුව තියනකම් රට ඉවරයි