IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රංජන් අලුත් පක්ෂයකින් පොර පිටියට

(කේ බුද්ධික කුමාරසිරි)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ "එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ" නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය.

එළඹෙන මහ මැතිවරණය සදහා මෙම පක්ෂය තරග කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් මහතා ද එම පක්ෂයට එක් වූ අතර ඒ මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර ඇත 

 



අදහස් (30)

රංජන් අලුත් පක්ෂයකින් පොර පිටියට

යෝගා Wednesday, 09 October 2024 12:21 PM

මොකක් හරි කරලා තමන් ජනප්‍රියයි කියලා දැනුණාම හිතනවා... තමුන්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා. මේ විදියට ගියොත් රටේ ජනගහනයට වඩා දේශපාලන පක්‍ෂ තියෙයි.

:       6       177

ADWednesday, 09 October 2024 07:08 PM

මේ ඔක්කොම යාලුවෝ පමණක් නොවේ මේ ඔක්කොම ඥාතීන් බලය ගන්න ලංකවේ අමුතු දේශපාලනය, පවුල් දේශපාලනයට ( පියාගෙන් පුතාට, දියණියට - මවගෙන් පුතාට, දියණියට, සහෝදරයන්ට පමණක් සීමාවූ දේශපාලනය රන්ජන් රාරාමානයක විසින් "මාමාගෙන් පසු බෑනාද" විජය මාමාගෙන් පසු රන්ජන් බෑනාද ඒ අතරට එක්ව ඇත. කලාව සිනමාව හෝ ක්‍රීඩාව නිසා ලැබුවාවූ ජනප්‍රියත්වය මත හෝ පමණින් මිනිසුන් පුද්ගලයන් වටා සිටි පමණින් රටපාලනය කළහැකි ද යන්න රටේ පුරවැසියන් තේරුම් ගත යුතුව ඇත. අවසානයේ කීමට ඇත්තේ පුරවැසියනි, ප්‍රවේසමෙන් "මේ ඔක්කොම රැවටිලි කාරයෝ මල්ලි "

:       1       42

P.d goonawardene Wednesday, 09 October 2024 12:47 PM

ප්‍රජා අයිතිය නැති එව්වෝ කොහොමද පක්ෂ පටන් ගන්නේ...?

:       6       94

ravin Wednesday, 09 October 2024 12:57 PM

සමාජ ජාලවල ඇති රන්ජන්ගේම වීඩියෝ තුළින් දැකිය හැක්කේ ඔහුට තිබූ ගරු අධිකරණ නියෝගවලට අනුව දේශපාලනය කිරීම තහනම් කර ඇති බවකි. සියලු චෝදනාවලින් ඔහු නිදහස්ද? නොදන්නා නිසයි අහන්නේ...!

:       4       83

Ambathala Wednesday, 09 October 2024 01:19 PM

මේ අයට පිස්සු..., ක්‍රීඩකයන්ට, නළුවන්ට කිසිම අවස්ථාවක් දෙන්න හොඳ නෑ දේශපාලනය කරන්න...

:       2       111

Pankumburage Wednesday, 09 October 2024 01:54 PM

තිලකරත්න දිල්ෂාන් ගිය මාසේ සජබෙ හිටියා නේද? එයත් ගෙම්බෙක් වගේ.

:       3       126

Hafiz Wednesday, 09 October 2024 02:01 PM

ඡන්ද ලකුණ?

:       0       32

Pankumburage Wednesday, 09 October 2024 04:22 PM

ගෙම්බා...

:       1       32

Adikary Wednesday, 09 October 2024 09:05 PM

අයියෝ රන්ජන්ලා හොඳයි ගෑණු නලවන්න. දිල්ශාන්ලා ක්‍රිකට් ගැහුවට මොනවා දැනගෙනද දේශපාලනය කරන්නේ? වඩිවෙල් සුරේෂ්ලත් දෙමළ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. සේරම රටට ආදරේ අය නෙවෙයි. ගෙම්බො වගේ මිනිස්සු... අයියෝ...!

:       0       1

JayasekaraThursday, 10 October 2024 09:52 AM

ලකුණ.. බැක්සයිඩ්

:       1       4

sunil Wednesday, 09 October 2024 02:27 PM

ඔය පක්ෂයේ ලකුණ හැටියට මම "බැක් සයිඩ්" එක යෝජනා කරනවා.

:       3       84

chamath Wednesday, 09 October 2024 02:35 PM

යමෙක් හොරෙක් හෝ දුෂිතයෙක් නොවූ පලියටමත් දේශපාලනයට සුදුසු වෙන්නේ නැහැ. මෙයා දන්නා දේශපාලනයක් නැහැ. චිත්‍රපටියක් කරගෙන ඉන්නවා හොඳයි...

:       2       83

Nimal Wednesday, 09 October 2024 02:57 PM

සුනිල්, ඒකනම් නියම අදහසක්...!

:       2       39

බණ්ඩා Wednesday, 09 October 2024 03:11 PM

හිරුණිකා සහ පියුමි හංසමාලිත් අනිවාර්යයෙන් මේ පක්ෂයේ ඉන්න ඕනේ...ජයග්‍රහණය කරනවා නියතයි...

:       0       42

Kamal Koyrala Wednesday, 09 October 2024 06:11 PM

මේ ඔක්කොම යාළුවෝ මල්ලි...

:       0       18

Roshan Wednesday, 09 October 2024 03:58 PM

ඩිල්ෂාන් චාටර්...!

:       0       38

Gunendra Wednesday, 09 October 2024 03:58 PM

විජය කුමාරනතුංග සැබෑ මානව හිතවාදියෙක්, රන්ජන්ව ඊට සමාන කරන්න බැහැ වගේම අන්තර්ජාලයේ තියෙන දේවල් දැක්කාම මෙයාට ඡන්දයක් දෙන්න පුළුවන්ද? මෙයත් යම් පිරිසක් විසින් පුම්බපු සජිත් වගේ චරිතයක්, දිල්ශාන්ටත් තරග පාවා දීමේ චෝදනා තිබුණා, ඡන්ද කැඩීමේ කොන්ත්‍රාත් එකක් කරනවා කියලා මට හිතෙනවා.

:       2       46

අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 03:59 PM

මෙයා නියෝජ්‍ය ඇමැති වෙලා නැටුව පිස්සු දැක්කාම, පාර්ලිමේන්තුවට නොවෙයි, ප්‍රාදේශීය සභාවකටවත් යවන්න සුදුසු නැහැ. පුළුවන් නම් චිත්‍රපටයක රඟපාලා සින්දුවක් කියාගෙන ඉන්න ඔයාගේ දේශපාලන සාක්ෂරතාවය බොහෝම පහල මට්ටමකට තියෙන්නේ බ්‍රෝ...!

:       2       50

Che Wednesday, 09 October 2024 05:19 PM

නළු නිළියන්ට, ක්‍රීඩකයින්ට ඡන්දය දී නැවත ජනතාව අමාරුවේ නොවැටිය යුතුයි.

:       3       36

බද්රානි Wednesday, 09 October 2024 06:16 PM

නූගත් විගඩම් කාරයෝ, කට හැකර වට්ටි අම්මලා, බඩ පිනුම් ගහන රටක් මේක... වේදිකාවේ උඩට නැගලා මෝඩයෝ චූන් කරනවා වගේද රටක් පාලනය කරන එක...? ලංකාවේ කළා කාරයින් කියන්නේ මේ රටට පිළිලයක්... හම්බකරන සල්ලි වලින් ජොලි කරලා අසනීපෙට රසිකයින්ගෙන් හිඟාකන ලෝකයේ වෙනත් රටවල් ඉන්නවාද..? ඒ මදිවෙලා දැන් ලංකාවේ ජනතාවගේ මුදල් හොරාකන්න තියන පහසු මාර්ගය වන දේශපාලනයටත් ඇවිල්ලා... හූ කියලා ගහලා පන්නන්න ඕනෑ..

:       2       32

Nihal Dharmatileke Wednesday, 09 October 2024 06:21 PM

තවත් පැරෂුට් එකක් පහත් වෙලා...

:       0       27

saki Wednesday, 09 October 2024 07:05 PM

අනේ රංජෝ ඔයත් ගිය දුර. අපිට යම් විශ්වාසයක් තියෙනවා ඔයා ගැන. මේ කඩප්පුලි වැඩේ කරගෙන යන්න එපා. ඔය නමටත් අගෞරවයක්... පොඩ්ඩක් හිතන්න.

:       0       1

Che Wednesday, 09 October 2024 07:45 PM

ඡන්දය ඉල්ලන, ක්‍රීඩකයො, නලුවො, හිටපු දේශපාලන හොරු මේ දවස්වල නන්නස්තාර වෙලා හතර වටේ දුවනවා...

:       1       19

Sagara Kariyawasam Gobbaya Wednesday, 09 October 2024 08:35 PM

පින්තූරයේ ඉන්නේ නියම තුන්දෙනෙක්...

:       1       11

Priyantha Dissanayake Wednesday, 09 October 2024 11:08 PM

සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ වගේ අයට අත්වුන ඉරණම දිහා බලලාවත් නැවතවාරයක් හිතාබැලුවොත් හොඳයි. ඔයිට වඩා ප්‍රතාපවත් ලලිත් ගාමිණි වගේ අයට පවා මොකදවුනේ. තමන්ගේ තත්ත්වය තේරුම්ගන්න උත්සාහ ගන්න. නැතිනම් ඉතිං ප්‍රතිඵලවලින් පසුතමා තේරුම් ගන්න වෙන්නේ. එවිට ආයේ අවු. 5බලන් ඉන්නවේවි.මෙතරක් කියන්නේ ඔබ පාර්ලිමේන්තුවේ සිටියයුතු කෙනෙක් නමුත් ඉදිරියට සීමාව දැනගන්න සහ අධිතක්සේරුවෙන් ඉන්න එපා තමාගැන.

:       0       0

රැල්ෆ් පෙරෙරා Wednesday, 09 October 2024 11:10 PM

ලෝකය සහ රටේ මානව සම්පත් ගැන අවබෝදයක් තියන ... උගත් බුද්දිමත් .. අය අවශයයි. අපි ලෙඩකට ඩොක්ට කෙනෙක් තෝරා ගන්නෙ කොහොමද ..ඒ ආකාරයටම තෝරමුයි ...දියවන්නාවට..

:       0       0

janis aiya Thursday, 10 October 2024 02:46 AM

මේ නන්ගොලුව ගෙ මෝඩ වැඩ ,ආයේ පලයන් කූඩුවට .

:       0       1

chandima Thursday, 10 October 2024 04:06 AM

නලු බට්ටන්ට සංදර්ශන කාරයින්ට රට භාර දීලා කරගත්ත හරිය මදිද? ආයෙත් නලුවො පස්සෙ යන්නෙ? රට හදන්න දන්න ආර්තිකේ ගොඩගන්න දන්න පිරිසක් පත්කරගන්නව මිසක්?

:       0       2

පිටිගල මිලානෝ Thursday, 10 October 2024 09:08 AM

රන්ජන්ට තිබුන අපේ ගවුරවය අද වෙනකොට නැති වේගෙන එන්නෙ. තුවං ඩිල්ශාර්ඩ් (තිලකරත්න ඩිල්ශාන්) වගේ අය ලගට ගත්තට පස්සෙ. කොහොමටත් මාලිමාවට හැරුණු ජනතාව ආපසු රන්ජන්ට චන්දය දේවි කියල හිතන්න අමාරුයි. රන්ජන් ඔයාට වෙන්නෙත් සරත් ෆොන්සේකාට වුන දේම තමයි !! කණගාටුයි !!!

:       0       3

Jayasaekara Thursday, 10 October 2024 09:51 AM

චන්ද ලකුණ බැක් සයිඩ් . මෙලෝ වැඩකට නැති එවුන් මැතිසභයට යවන ජාතික ලැයිස්තු මන්ත්‍රී කම් අහෝසි කල යුතුයි .නැත්නම් පාලම යට ඉන්න වට්ටි අම්මලයි කට හැකර ගෑනුයි ,ඔක්කොම ඇතුලේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 22 0

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 391 0

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 80 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1231 0

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 61 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 882 0

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 677 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1204 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site