
(රෝෂන් තුෂාර)
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත රාජිත සේනාරත්න මහතාගෙන් සිද්ධියට අදාළව පැය පහමාරක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම අල්ලස් කොමිසමේදී අද (03) සිදු කළේය.
රාජිත සේනාරත්න මහතාව පසුගිය 29 වැනි දින අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 09වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හෙයින් අදාළ ප්‍රශ්න කිරීම් සඳහා සැකකරු අල්ලස් කොමිසමට කැඳවාගෙන එන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කරන්නැයි අල්ලස් කොමිසම එදින මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
සැකකරු බන්ධනාගාරයෙන් අල්ලස් කොමිසමට රැගෙන යන ලෙසට කළ නියෝගය පරිදි ඊයේ දිනයේදී අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ සැකකාර රාජිත සේනාරත්න මහතාගෙන් මෙසේ ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට වගේම රාජිතටත් වට කරලා ගහන්නේ ඔවුන් දෙදෙනා විරුද්ද පක්ෂය ඒකරාශී කරන වැඩපිළිවෙලේ ක්‍රියාකාරීව ඉන්න නිසා. රාජිතලට හිරේ යන එක අමුතු දෙයක් නෙවෙයි. රාජිත මුලින්ම හිරේ ගියේ 1983 නැක්සලයිට් චෝදනාව නිසා විජය කුමාරතුංග සමග.
මූ මේ වඩා ගන්න කියනවද