IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජිතගේ අල්ලස් නඩුව අනිද්දා සිට විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට  පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතු`ථ විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව හෙට 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට අද (22) තීරණය කළේය.

මෙම නඩුවට අදාළ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් පසු විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත්වු කරුණු පිළිගනිමින් විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවු බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ  සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු නම් කොට ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55 ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාන්ඩ ලේඛණයක් මඟින් අධිකරණයට දැනුම් දී ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ  ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්න්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා නඩුව හෙට 22 වැනිදා වැනිදා යළි කැඳවීමටද නියම කළේය.



අදහස් (4)

රාජිතගේ අල්ලස් නඩුව අනිද්දා සිට විභාගයට

fairoos Wednesday, 22 November 2023 06:24 PM

ළඟදී ඡන්දයක්වත් එනවද? ඇයි හදිස්සියෙන්ම 2014 වෙච්චි දේවල් කරළියට...

:       0       3

Bamunuarachchi Thursday, 23 November 2023 12:15 AM

ඒ විතරක් නොවෙයි කැලෑ කපපු හම්බයොයි, ඒවායේ පදිංචි වෙච්චි හම්බයෝත් උසාවි ගෙනෙන්න ඕනෑ.

:       0       0

Bamunuarachchi Thursday, 23 November 2023 01:23 PM

ඡන්දේ දින බලලා නොවෙයි, අධිකරණය නඩු දින තීරණය කරන්නේ... මස්කඩ කාරයෝ කොහෙද ඕවා දන්නේ? මුලතිව් කැලේ එළිකළ ගොයියා ස්වර්ගෙට ගිහිල්ලාද පේන්න නැත්තේ...!

:       0       0

Prabha Wednesday, 22 November 2023 10:26 PM

දැන් ඉතින් ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්න කාලෙ හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site