
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවීය.
එසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 4ක් යනකල් විනය පරීක්ෂණයක් ඉවර කරගන්න බැරි නායකයෙක් රටක් හදයි කියලා විශ්වාස කරනවාද? 77 ඉඳන් 2020 වෙනකල් පාර්ලිමේන්තුවේ කරපු දේ හිතාගන්න පුළුවන්නේ...
කව්රු කව්රු හරි එකතු කරගෙන ගොඩ වැඩි කරගන්නයි බලන්නේ. මේ වෙලාවේ විනය විරෝධී වැඩ නෙමෙයි... මොනවා කෙරුවත් මොකද? ඔලුගෙඩි ගානයි ඕනේ...
ඡන්දෙ දිනන්න ජනතාවගේ හිත දිනාගන්න ඕනේ... ඔය 225 ම ළඟට ගත්තත් ජනතා මතය වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.
මෙයා හැමදාම කලේ ගේම් ගහපු එක. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ. බලේ ඉන්න අසූචි ගොඩේ සත දහය හරි දිවෙන් ගනී. අවුරුදු 50ක්ම කලේ ඕක තමයි.
රුපියල් 1000 ට අඩුවෙන් ආව විදුලි බිල අද 4000-5000 වෙලා .රුපියල් 250 විතර තිබුන වතුර බිල අද රුපියල් 2000-2500 වෙලා.දුරකථන බිල් අපිට අද දරාගන්න බැහැ .අපෙන් ගත්ත මුලින්ම සොච්චමකින් හාල් කිලෝ 20 දෙනවා .රට ගොඩදැම්මා කියලා අපෙන් චන්දෙත් ඉල්ලනවා ලැජ්ජා නැතිද ?
බලාගෙන ඉන්න. රංජිත්බමද්දුම බණ්ඩාර ආපසු සිරිකොතට එනකල්. මේවා කාටවත් වැඩක් නැති තහනම ඉවත්කිරීම්.පක්ෂ නායකත්වයේ සදාකල් රැදීසිටීමට රනිල් ගන්නා ක්‍රියා මාර්ග නිසා බහුතර සාමාජිකයින්ට පක්ෂය එපාවෙලා කොටසක් කඩාගෙන ගිහින් සජබය පිටුවා ගත්තා. දැන් ඉතින් එකම පක්ෂය පිල් දෙකකට බෙදී තරගකිරීමේ ප්‍රතිවිපාක මේවර ඡන්දයෙනුත් ( ඡන්දයක් තිබ්බොත් පමණයි) බලාගන්න පුළුවන්.
ඡන්ද නොතියා ඉන්න බෑ...