IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජාංගනයේ සංචරණය නවතයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. රාජාංගනයේ යාය 1, 3 සහ 5 යන ප්‍රදේශවලට ඒ අනුව මෙම සීමා පනවා තිබේ.

කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇතැයිද ජාසිංහ මහතා කීවේය.

රාජාංගනයේ ආසාදිත උපදේශකවරයා සිය ඥාතියකුගේ අවමංගල්‍ය අවස්ථාවකට ගොස් සිටියදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව  පිළිපැද්දේ නම් එම පිරිස ආසාදිතයන් වන්නට ඉඩ නොතිබූ බවද ඒ මහතා කීය.

කෙසේවෙතත්, වැලිකන්ද බන්ධනාගාර ආසාදිතයාගෙන් ආරම්භ වූ, කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයන් පොකුර සම්බන්ධයෙන් සිදු විය යුතු සෞඛ්‍යාරක්ෂිත කටයුතු සහ ඔවුන් නිරෝධායනය කිරීමේ කටයුතුත් මේ වනවිට බොහෝදුරට ඉටු වී ඇති බවත් ඒ මහතා කීය.



අදහස් (1)

රාජාංගනයේ සංචරණය නවතයි

Bandara Monday, 13 July 2020 03:26 PM

මිනිස්සු කළ කැපවීමෙන් ඵලක් නොවුනේ, පාලකයින් ආදර්ශමත් නොවූ නිසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site