(සුරංග රාජනායක)

සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට ගිය ගම්පොල ස්ථානීය පරීක්ෂණාගාරයේ (සොකෝ)නිලධාරීන්ට පල්ලේදෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ගලහා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී ගම් වාසීන් හය දෙනකුට ද මෙම ‍ බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුවී ඇත.

මෙම සොකෝ කණ්ඩායම ගම්පොල සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව තිබේ.

බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති මෙම පිරිස විවිධ පැති වලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුලට ඇතුලු වෙමින් බේරී ඇති මුත් ඒ වනවිටත් පිරිස සෑහෙන බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.