(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනපොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය.

මෙම පොලිස් කොස්තාපල් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මූලික මූලික විමර්ශනයක් පවත්වා ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කැලණිය සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.

මෙම පොලිස්  කොස්තාපල්  දෙදෙනා අනවසරෙන් පොලිස් ස්ථානයෙන් පිටව  ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයේ  මගින් ලබාදුන්  තොරතුරක් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටියේ යැයි කියන කොස්තාපල්  දෙදෙනා පලාගොස් ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

පලා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පසුව පොලිස් ස්ථානයට පැමිණ  ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත