IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය ‌පී.සීලා ගෙදර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනපොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය.

මෙම පොලිස් කොස්තාපල් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මූලික මූලික විමර්ශනයක් පවත්වා ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කැලණිය සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.

මෙම පොලිස්  කොස්තාපල්  දෙදෙනා අනවසරෙන් පොලිස් ස්ථානයෙන් පිටව  ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයේ  මගින් ලබාදුන්  තොරතුරක් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටියේ යැයි කියන කොස්තාපල්  දෙදෙනා පලාගොස් ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

පලා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පසුව පොලිස් ස්ථානයට පැමිණ  ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත



අදහස් (4)

රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය ‌පී.සීලා ගෙදර

Nirmala Wednesday, 08 February 2023 12:44 AM

රාජකාරි වෙලාවේ ගියාම ගෙදරට අහු වෙන්නේ නැහැ .නෝනා සැමියා ගෙදර එන වෙලාව දන්නවනේ .අනික රාජකාරි වෙලාවේ ටෙලිෆෝන් එකට උත්තර දෙන්නත් අපහසුයි

:       0       7

Rohana Wednesday, 08 February 2023 01:40 PM

ස්පා තියෙන නිසානේ යන්නේ. වැරැදි නම් ස්පා වහලා දමන්න.

:       1       0

LallaWednesday, 08 February 2023 03:37 PM

නාගරික ප්‍රදේශවල ලමා අපචාර පාලනය වීමට එක හේතුවක් ස්පා. ගම්වල අපචාර වාර්තා නොවී බොහෝ සිදුවනවා. ස්පා පැවතීම යහපතට හේතුවන කරුණු තිබිය හැකිය. ඒත් පාලනය අවශ්‍ය දෙයක්.

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 02:35 PM

නෝනලා සුපර් මාකට් එකේ බඩු ගන්න ටිකට ක්වික් සර්විස් එකකට ස්පා යන පෙම්බර සැමියෝ ඉන්න රටකි මේ අපේ….. හීලෑ වුන වුන බළල් පැට්ටු වගේ ගෑණිගේ සුභසාධනය පමණක් වීරයෝ වගේ කරන්නේ එහෙම දේවල් අහුවුන මහත්තුරු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 608 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site