IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රේගුවෙන් කතානායකට වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ)

රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව  රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්  මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

එම වාර්තාව මීළඟ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද  ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුව මෙම වාර්තාව ලබාදී ඇත්තේ කතානායකවරයා කළ ඉල්ලීමක් අනුවය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමට රහීම්  මන්ත්‍රීවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

කතානායකවරයා නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි රහීම් මන්ත්‍රීවරයාට  පසුගියදා  දැනුම් දුන්නේ  ලිපියක් යොමු කරමිනි.

මෙයට අමතරව ඒ සම්බන්ධයෙන් ඔහුට "වට්ස් අප්" පණිවිඩයක්ද යොමු කරන  ලදැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

නීති විරෝධීව රත්රන් තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් රහීම් මන්ත්‍රීවරයා රේගු පරීක්ෂණයෙන් අනතුරුව රුපියල් ලක්ෂ 70 ක දඩ මුදලක් මත මුදාහරිනු ලැබීය.

මේ අතර  මෙම සිද්ධියෙන් පාර්ලි මේන්තුවට සිදුවූ කැලල සැලකිල්ලට ගෙන  රහීම් මන්ත්‍රීවරයාට මැතිසබය පැත්තෙන් කිසියම් හෝ පියවරක් ගත යුතු බව පක්ෂ නායකයෝ රැසක් කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිති.

අලි සබ්රි රහීම්  මන්ත්‍රීවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට පක්ෂව ඉකුත් 1 වැනිදා  ඡන්දය පාවිච්චි කළේය.



අදහස් (1)

රේගුවෙන් කතානායකට වාර්තාවක්

චතුරි Monday, 03 July 2023 03:54 PM

අපේ රටේ නීතිය අනුව ගොබ්බරැලට තියෙන වරප්‍රසාද අනුව. කට්ටියම එකතුවෙලා බලපත්‍රය අරගන්න. හැම එකාගේ පවුල් පිටින් ගිහින් මෙවැනි දේවල් ගේන්න. වෙන රටවල්වල නීතිය අනුව නම්. මේයා ඉන්න ඕනෑ හිරගෙදර. මන්ත්‍රිකමත් අහෝසි කරලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site