(ජේ.ඉඳුරුවගේ)
ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙම වාහනවලින් 435 ක් රේගුව, පුද්ගලික සමාගමකින් කුලියට ලබාගෙන ඇති මට්ටක්කුලියේ පිහිටි ඉඩමකද, අනෙක් වාහන 202 රුහුණුපුර වරාය බිමේද රඳවා ගාල්කර තිබෙන බව විගණන කාර්යාලය රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉකුත් වසර වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක සඳහන් වේ.
මෙරට විනිමය වැයකර මෙරටට ගෙන්වා වසර පහකට අධික කාලයක් ගත්වී ඇති වාහනද සහිත මෙම වාහන තොගය දිගු කලක් තිස්සේ මෙලෙස දිරාපත් වීමට ඉඩහැර තිබීමෙන් වෙන්දේසියකින් සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද විගණනයෙන් පෙන්වා දෙයි.
මෙයින් බොහෝ වාහන සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පවත්වන බව රේගුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට දන්වා ඇති අතර මෙම වාහන සම්බන්ධ කටයුතු කඩිනමින් සිදුකර අවසන් කරන ලෙස විගණනයෙන් රේගුවට නිර්දේශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂන පවත්වන්න ඕනනම් නිලධාරීන්ට සලකන්න ඕන
ඇල්ලුවට හප්පන්න පුළුවන්ද? ඉතින් අවුරුදු 76 ක් නොවෙයි මෙහෙම නිලධාරින් එක්ක අවුරුදු 760 ක් ගියත් රටක් හදන්න බැහැ. මේ රට වැඩිපුරම කන්නේ නිලධාරි තමයි. මෑතකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල කියූ කතාව සහතික ඇත්ත රට හදන්න ඕනෑ නම් වැරැදි කරන රජයේ සේවකයින් හා නිලධාරි පිරිසත් සමග රජයට සම්බන්ධ සංස්ථා, මණ්ඩල හා අධිකාරි වෙනුවෙන් ඒවායේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සියලු දෙනාටත් ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව විනයානුකූලව දඬුවම් පනවා සේවයෙන් පහකිරීම නීත්‍යානුකූල කරන්න ඕනෑ. එහෙම නැතුව දැන්නම් රට හදන්න බැහැ..!
රේගුව ජරාවට ගිය ජරාජීර්ණ ආයතනයක් කියලා තේරෙනවා නොවේද?