IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රේගුවට අයි.එම්.එෆ් අප්‍රසාදය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල   දැනුම් දී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

මේ වස⁣රේ රේගුවෙන්  බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655 ක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.

ලංකාව වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන තියෙන බවත් 2020 වසරේ නිෂ්පාදිත  බී.එම්.ඩබ්ලිව්,මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස  විකුණන්න තිබෙන බව කීය.

තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එලියට ඇවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා මේ  තත්ත්වය යටතේ රේගුව මොකටදැයි ප්‍රශ්නකළේය.

 



අදහස් (8)

රේගුවට අයි.එම්.එෆ් අප්‍රසාදය

විජේ Wednesday, 04 October 2023 03:52 PM

ක්‍රීඩා ඇමැති කාලේ ගහපුවා අමතකයි වගේ දැන්...!

:       7       40

sachith Wednesday, 04 October 2023 03:53 PM

මේවා එළියට ආපු හැටි ඔයා දන්නේ නැහැ... ඔයා බබා...!

:       4       43

විපරමා Wednesday, 04 October 2023 03:58 PM

රේගුව කියන්නේ හොරු, දූෂිතයෝ රජකරන තැනක් කියලා දැනගෙන ඇති...!

:       0       44

සුපුන් Wednesday, 04 October 2023 04:30 PM

අම්මෝ රටට කොච්චර ආදරයක් තියෙන දේශප්‍රේමියෙක්ද? නෝනාට විතරක් මාසෙකට ලක්ෂ 50ක වන්දියක් ගෙවනවා. ඒවා ඔක්කෝම කුඹුරු කොටලා හොයපු සල්ලි...!

:       3       22

Nimal Wednesday, 04 October 2023 05:00 PM

imf පමණක් නොවෙයි, මුළු රටම රේගුව ගැන අප්‍රසාදයෙන් සිටින්නේ... ජරාපප්පලා.

:       1       34

don Wednesday, 04 October 2023 05:30 PM

ලෝකයේ අති දූෂිතම නිලධාරින්ගෙන් පිරුණු ආයතනයක් තමයි රේගුව... ජරාවක් කන්න බැරි දේකින් හරි, මොකක් හරි දෙයක් කියලා... මොකක් හරි අපහසුතාවයකට පත්කරලා ජරාවක් කන්නයි උත්සාහ කරන්නේ.

:       1       29

Nimal Thursday, 05 October 2023 08:21 AM

රේගුවත් දූෂිතයි තමයි .හැබැයි මේ කියන කෙනා තරම්ම නැතුව ඇති

:       1       3

Bunny Preena Thursday, 05 October 2023 11:11 AM

මෙවැනි චොදනා නිසා රෙගු නිලදාරින්ගෙ දූ දරුවන්ට පාසල්වල අඩම් තේට්ටම් වලට මුහුන දෙන්ට වෙයිද දන්නෙ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site