IMG-LOGO

රේගුව රඳවාගත් කෝටි 500 ක භාණ්ඩ වරායේ විනාශ වෙනවා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ආනයනය කර රේගුව රඳවාගත් භාණ්ඩ සහ බහාලු 88 ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරායේ පර්යන්තවල සහ ගුදම් තුළ ස්ථානගත කර ඇති බවත් එම භාණ්ඩලවල වටිනාකම රුපියල් කෝටි 500 ඉක්මවන බවත් වරාය අධිකාරිය පවසයි.

එම බහාලු සඳහා කිසිදු වරාය ගාස්තුවක් අයකර ගැනීමට නොහැකි වී ඇති බවත් මේ හේතුවෙන් වරාය අධිකාරියට විශාල මුල්‍ය පාඩුවක් මෙන්ම ගුදම් සහ පර්යන්තවල ඉඩ ඇහිරීම හේතුවෙන් විශාල පරිපාලනමය ගැටලුවකට මුහුණදීමට සිදුව ඇති බවත් වරාය අධිකාරිය කියයි.

මෙම භාණ්ඩ අතර 2015 වසරේදී රඳවා ගත් පුවක් බහාලුම් 12 ක්, 2019 වසරේ දී රඳවාගත් බාස්මතී සහල් බහාලුම් 39 ක්, 2020 වසරේ රඳවාගත් ටයිල් බහාලුම් 15 ක්, 2013 වසරේ රඳවාගත් වාහන අමතර කොටස් බහාලුම් 5 ක්, 2019 වසරේ රඳවාගත් රෙදිපිළි ලිපි බහාලුම් 4ක්, 2020 සහ 2021 වසරවල රඳවාගත් මත්පැන් හා එතනෝල් බහාලුම් 4 ක් ද වන බවත් එම බහාලුම් වලින් අවම වශයෙන් බිම් ගාස්තු වශයෙන් රුපියල් කෝටි 245 ක මුදලක් වරාය ධිකාරියට අයවිය යුතු බවත් වරාය අධිකාරිය සඳහන් කරයි.

2015 වසරේ රඳවාගත් බෙන්ස් හා රේන්ජ් රෝවර් රථ 02 ක් ඇතුළු මෝටර් රථ සහ ලොරි රථ 40 ක් පමණ වරාය අධිකාරියේ පර්යන්තවල දිරාපත් වන බව ද කියන වරාය අධිකාරිය වරාය අධිකාරියට ගුදම් ගාස්තු වශයෙන්, රේගුව උපයාගත් මුදලින් අයකරගැනීමට නීතියෙන් ඉඩකඩ නොමැති බැවින් දිරාපත් වෙමින් තිබෙන භාණ්ඩ ඇතුළු බහාලු 88 සතියක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මෙම බහලුම් පිළිබඳව හෙළි වී තිබේ.

රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේදී මෙවැනි ප්‍රමාදයන් ඇති වන්නේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබේ.

යල් පැනගිය රේගු ආඥාපනත පනත සංශෝධනය කර කාලීන අවශ්‍යතාවයට අනුව කාර්යක්ෂම නිෂ්කාශන ක්‍රියාවලියක් සිදුකර ගැනීමට අවශ්‍ය පරිදි ආඥාපනත සංශෝධනය කිරීමට වරාය හා රේගුවේ නිලධාරීන් එක්ව කටයුතු කළයුතු බව මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ.

මෙම සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු නිලධාරීහූ පිරිසක් ද සහභාගි වූහ.

 



අදහස් (3)

රේගුව රඳවාගත් කෝටි 500 ක භාණ්ඩ වරායේ විනාශ වෙනවා

Lalla Sunday, 05 February 2023 10:30 PM

යල් පැනගිය රේගු නීති. යල්පැනගිය ඇමතිවරු. ජරාව හැර කිසිම දෙයක් නොදන්න යල්පැනගිය රේගු නිලධාරීන්.....

:       0       5

Kaalakanni Monday, 06 February 2023 01:14 AM

මේ වගේ හරක්... පුවක් සහ සහල් බහාලුම් මේ වෙනකොට පණුවන් බවට පත්වෙලා ඇති. අනික පාඩුව තියෙන්නේ මේ භාණ්ඩ ලංකාවට ගෙන්නපු ව්‍යාපාරිකයින්ට මිසක් වරායට පාඩුවක් ගැන කියන මේ අයට මොංගල්ද?

:       0       3

fairoos Monday, 06 February 2023 12:03 PM

මේ දේශපාලකයන්ගේ ගෝලබාලයින්ගේ ගොන් වැඩ තමයි ඕවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 30 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site