(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2018 වසරේ ලැබූ රුපියල් බිලියන 923 ක් හෙවත් රුපියල් කෝටි 92,300 මීට පෙර ඉහළතම වාර්ෂික ආදායම ලෙස පැවතුණු බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
රේගුව පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 708 ක් හෙවත් රුපියල් කෝටි 70,800 ආදායම් ඉපයූ බව කී ඒ මහතා එම ආදායමට සාපේක්‍ෂව මෙම වසරේ ආදායමේ වර්ධනය සියයට 138 ක් බව ද සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය අත්හිටුවා ඇති පසුබිම සහ බොහෝ ආනයන සීමාකර තිබූ වාතාවරණයක් තුළ මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටින් බදු නොගෙවා ගේන ජංගම දුරකථන ලංකාවේ ජාලවල ලියාපදිංචි වීම තහනම් කරන්න. තව ආදායම වැඩිවෙයි. ඇමැතියෙකුත් අහුවුණා දුරකථන තොගයක් අරන් ඇවිත්...!
බොහෝම හොඳයි... ඒත් ශුද්ධ බර හා තාර බර අතර තියෙන වෙනස නොහොත් භාණ්ඩවල මිලගණන් වැඩිවීම...? ඩොලරයේ අගය වැඩිවීම... ප්‍රවාහන ගාස්තු වැඩිවීම වගේ දේවල් වලට සාපේක්ෂිතව ලැබූ ආදායම...? සංදර්ශනයක් වගේ නේද?
වාප්පු ලිපිකරුවන් රේගුව ඇතුළට යන එක නවත්තපුවාම පගා දීලා බදු මගහැරීම නවතිනවා. ඒක කළාම ආදායම 50%ක් වත් වැඩිවේවි. අනික පිටකොටුවේ මුදලාලිලා හොරට ගේන බඩු වටලන්න ඕනෑ. නීතියට බිස්නස් කරන අයට එයාලගේ රේගු හොරවැඩ එක්ක හැප්පෙන්න බෑ. ඒවාට රේගු නිලධාරිනුත් සම්බන්ධයි.
විනිමය අනුපාතයත් කියන්න 2018 සහ 2023...
පගාව ගැනීම අඩුකරන්න ඇති..!
පට්ට බොරුනේ.. අඩේ බිලියන 970 ආදායමක් ගත්තා කියන්නේ.. පට්ට බොරුනේ...