(මනෝප්‍රිය ගුණසේකර)
රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද එකගතාවය පළ කළේය.
ශ්‍රී ලංකාවට ආනයනය කිරීමෙන් අනතුරුව රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෝන්කීල්ස් සමාගම ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එසේ එකගතාවය පළ කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
ජෝන්කීල්ස් සමාගම ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නීතීපතිවරයා නම් කර ඇත.
ජෝන්කීල්ස් සමාගම සිය සුපිරි වෙළඳසල්වල භාවිතය සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන බී.වයි.ඩී වර්ගයේ වාහන 991ක් ශ්‍රී ලංකාවට ආනයනය කළ බවත් වාහනයේ ධාරීතාවය සහ රේගු බදු සම්බන්ධයෙන් ඇතිවු ගැටළු මත අදාළ වාහන මුදා හැරීම රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රතික්‍ෂෙප කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර ජෝන්කීල්ස් සමාගම රේගුව භාරයේ රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.
පෙත්සම කැඳවු අවස්ථාවේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වන විට රේගුව බාරයේ රඳවාගෙන ඇති අදාළ වාහන 991 කොන්දේසි කිහිපයක් යටතේ මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාව ඇතැයි කීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේගුවේ ඇති ජෝන්කීල්ස් සමාගමේ වාහන මුදා හරින්න එකඟතාවක්
Perakum Liyanagama Thursday, 07 August 2025 10:52 PM
අපි නම් දැනගෙන හිටිය ක්‍රිෂාන් බාලේන්ද්‍ර වැඩේ ගොඩදාගන්න බව. ඒත් ඔය කියන කොන්දේසි මොනවාද. ඔය වාහන 991ම ජෝන් කීල්ස් ආයතනයේ වැඩට අවශ්‍ය ද වැඩි පංගුව බෙදුවෙ කාටද මේවට උතතර දෙන්න.
දොං සේතං Friday, 08 August 2025 02:20 PM
මේ ප්‍රශ්න අහන්න තමයි බං පාර්ලිමේන්තුවක් තියෙන්නේ, මහජන මුදලින් විපක්ෂයක් නඩත්තු කරන්නේ...
Perakum LiyanagamaFriday, 08 August 2025 10:02 PM
ඇයි බං දොං සේතං කෝ අපේ විපක්ෂය? දියවෙලාද?
Perera Friday, 08 August 2025 04:53 AM
සුපිරි වෙළඳසැල්වල භාවිතයට ද නැත්නම් ඒ මුවාවෙන් නිදහස් කරගෙන විකුණන්නද?