(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ගියවර ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා යාල කැලේ හැංගුන බව කී රංගෙ බණ්ඩාර මහතා මෙවර ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදි වනු ඇතැයි සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කලින්ම ප්‍රකාශයට පත් කර තිබූ බව කී රංගේ බණ්ඩාර මහතා හැංගෙන්න කැලයක් ද කල් තියාම සොයාගන්නැයි කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් එජාප මහ ලේකම්වරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුට්ටු දෙකේ දේශපාලන පුවත් හෙලා දකිමි...
සජිත් නෙවෙයි, ඔය නඩේ දැන්මම කාලයක් හොයාගන්න හැංගෙන්න...
ගියපාර ඡන්දෙ දුන්නා. මේ පාර ඒ ඡන්දත් දෙකට බෙදෙනවා. ඇත්තටම දැන් රටට නායකයෙක් නෑ. ඡන්දයක් දෙන්න කෙනෙක් නෑ.
ඔය කියන කැලෑවට සජිත් යන්නේ තනියෙන් නෙවෙයි....‘‘ අලි රංචු පිටින් අරගෙන‘‘ ගියසැරේ වගේමයි..
කවුරු දිනයිද, කවුරු පරදීද අපි දන්නේ නැහැ. හැබැයි එජාපය ඉල්ලන අපේක්ෂකයා අනිවාර්යෙන්ම පරදින නිසා එයාට හැංගෙන්න කැලයක් කල් තියාම සොයාගන්න වෙනවා.