
(කේ බුද්ධික කුමාරසිරි)
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් ගත් මගියකු හදිසියේ රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගීයා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරු අද දහවල් කටයුතු කළහ.
බස් රථයෙහි රියදුරු ලෙස කටයුතු කළ යටියන්තොට වයි.ජී.එල්.එස්.කුමාර මහතා සහ කොන්දොස්තර ලෙස කටයුතු කල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර යන දෙදෙනා විසින් රෝගී වූ මගියා මෙලෙස සාලාව රෝහලට භාර දීමට කටයුතු කර ඇත.
සිද්ධිය පිළිබදව අදහස් දැක් වූ අදාල බස් රථයෙහි කොන්දොස්තර ලෙස කටයුතු කල සිසිර කුමාර මහතා මෙසේ කීය. අපි කොළඹ ඉදල අවිස්සාවේල්ල යන්න ආවේ. බස් රථයේ ආසන ගාණටම වගේ මගීන් හිටියා. රණාල හරියෙදි එක් මගියෙක් අසනීප තත්වයක් පෙන්නුම් කලා. ඇග වෙව්ලලා හුගක් අසනීප තත්වයක් තමයි දැක්කෙ. පස්සේ මමයි රියදුරු මහතායි කතාවෙලා ලගම තිබුණ සාලාව රෝහලට බස් එක අරං ගියා. ගිහින් රෝගී තත්වයෙන් හිටපු මගියාව බාර දීලා අනෙත් මගීන්වත් රැගෙන ගමානාන්තයට ආවේ. බස් එකේ හිටපු මගීන් කවුරුත් ඒකට උදව් කළා.
මේ සම්බන්ධයෙන් සිදුකල විමසීමකදී සාලාව දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළදාරී වෛද්‍ය රුචිර ගෝනලගොඩ මහතා මෙසේ කීය. එම රෝගියා දැනටත් වලිප්පු රෝගී තත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගන්න කෙනෙක්. වයස අවුරුදු 58 ක පුද්ගලයෙක්. අපේ රෝහලට රැගෙන එන විටත් රෝගී තත්වයෙන් පෙළුණා. මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු රෝගියාව අවිස්සාවේල්ල මූලික රෝහල වෙත යොමු කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනෙ ඕකට 'ලංගම බස් සේවය ' කියන්නෙ . බස් ව්‍යාපාරයට වඩා එහා ගිය ගරු සේවයක්. මේ සේවකයන් විසින් එය අර්ථ ගන්වා තියනවා . ඔබට ප්‍රනාමය .
ඉතාම වටිනා දෙයක්... හැම මනුස්සයෙක්ම අනෙකාගේ දුකට පිහිට වෙනවා නම් හොඳයි.. රියදුරු කොන්දොස්තර මහතාට හා සහය දක්වපු මගීන්ටද ප්‍රණාමය...!