IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රැකවලු ඉවත් විය යුතු තැන් ටිරාන් කියයි

(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂාව අවශ්‍ය නොවන යම් යම් පුද්ගලයන්ගේ  සහ ස්ථානවල  ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගෙන් සහ ස්ථානවලින් ඉවත් කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය.

යම් යම්  පුද්ගලයන්ට  ආරක්ෂාව අවශ්‍යදැයි තක්සේරුවක්   කරන ලෙසටද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ආරක්ෂාව අවශ්‍ය නොවන පුද්ගලයන්ට සහ ස්ථානවලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් විශාල වශයෙන් ලබා දීම නිසා පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

මන්ත්‍රීවරුන් මෙසේ පෙන්වා දුන්නේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

මේ අතර වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෑදූ  නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය   හිමිවිය.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය  ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය (25) වැනිදා
රැස්විය.

මේ අතර, මත්ද්‍රව්‍ය  වැටලීම්වලට සම්බන්ධ නිලධාරීන් අගය කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු  කාරක සභාවේදී  පෙන්වා දුන්හ.  ඒ අනුව සෑම පොලිස් කලාපයකින්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නිර්දේශ ලබා ගනිමින්  නිලධාරීන් අගය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  දයාසිරි ජයසේකර,  අකිල එල්ලාවල,  මධුර විතානගේ, චන්දිම වීරක්කොඩි,  මහින්දානන්ද අලුත්ගමගේ,  අසංක නවරත්න,  තිසකුට්ටි ආරච්චි,  රාජිකා වික්‍රමසිංහ, ඉසුරු දොඩංගොඩ,  කුමාරසිරි රත්නායක,  වීරසුමන වීරසිංහ සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (4)

රැකවලු ඉවත් විය යුතු තැන් ටිරාන් කියයි

රවින්ද්‍ර Tuesday, 30 May 2023 07:15 PM

කාරක සභාවෙ කට්ටිය දැක්කම, හිනා පැන්නා යකු . . මහින්ජානන්දෙ, තිස්සමොට්ටාරච්චි, සහන් ප්‍රදීප් (ආකිමිඩීස්) යන මහත්වරුන් ලු.

:       0       5

සසර Wednesday, 31 May 2023 07:01 AM

දේශපාලන පුවත් වලට වෙන් කල අවකාශය වෙනුවට පුංචි දරුවෙකුගෙ දක්ශතාවන් දැම්මා නම් එයින් ඔහුගේ මෝරාල් අප් වෙයි.

:       0       5

Rohan Wednesday, 31 May 2023 10:43 AM

මේ කාරක සභාවට පත්වෙලා ඉන්න සභිකයින් දිහා බැලූ විටදී, ජනතාවට හැඟී යන්නේ, මෙහෙව් රටකද අපි ජීවත්වන්නේ කියායි...

:       0       2

Uthpalawarna Hakmanage Wednesday, 31 May 2023 04:13 PM

සී.ඩී.වික්‍රමරත්න ඉන්නකම් කුඩු අල්ලන ඒවට රිවෝට් දෙන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site