(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා දෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පැලවත්තේදී අද (11) පැවැත්වූ විරෝධතාව අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.
විරෝධතාකරුවන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය දෙසට යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේදී පොලිසිය එය වැලැක්වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්වය ඇතිවිය.
එහිදී විරෝධතාකරුවෝ වර්ෂාව මධ්‍යයේදී ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට පැය කීපයක් විරෝධය දැක්වීමෙන් පසුව විසිර ගියහ.
‘රැකියාවට අයිතියක් -- දුන් පොරොන්දු ඉටුකරනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධයේදී රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධය දක්වා පාගමනින් ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය වෙත යමින් සිටියදී පොලිසිය එම පෙළපාලියට බාධා කළේය.
මෙම විරෝධතාවට දහසක පමණ උපාධිධාරීන් සහභාගි වී සිටි අතර ‘සියලු උපාධිධාරීන්ට වාහා රැකියා ලබාදෙනු, පොරොන්දු වූ රැකියා කෝ සහ උපාධිධාරීන් මහ පාරේ ආණ්ඩුව මර නින්දේ’ ආදි පාඨ සටහන් කළ විශාල පුවරු අතැතිව ඔවුහු විරෝධතාව දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ කරන කිසිම හෘද සාක්ෂියක් ඇති එකෙක් රජයේ රැකියාවලට රිංගන්න හදන්නේ නෑ. රටට ආදරේ කිසිම දේසපාලුවෙක් රජයේ රැකියා දෙනවා කියලා පොරොන්දු දෙන්නේ නෑ. රටට ආදරේ කරන පක්ෂ විපක්ෂ හැමෝම බලලෝභී න්‍යාය පත්‍රවලින් බැහැරව බංකොලොත් වෙලා හොම්බෙන් යන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයට ඔරොත්තු නොදෙන රාජ්‍යය සේවය වහාම අඩු කිරිමට එකමුතුව ක්‍රියාකළ යුතුයි.
මේ කාලකන්නි මොන උපාධි ද දන්නේ නෑ අරගෙන තියෙන්නේ? පැලවත්තේ කොහේද හලෝ රස්සාවල්. ඒවා ඉස්සර. දැන් අනිත් අය වගේ තියෙන ඇබෑර්තු බලලා ඉල්ලුම් කරන්න. දේශපාලුවන් රස්සා දුන්න කාලේ ඉවරයි.
බු හා හා, දැන් ඔය විසඳලා පෙන්නපියව්. ඉස්සර මෙහෙම වටලා උද්ගෝෂණ කරනකොට සුරුට්ටු පත්තු කරගන්න ආපු මාලිමාවුන් දැන් සද්දයක් නැහැ. කෝ උන්? ඉස්සර දීපව්‍යාප්ත මහා වැඩවර්ජන තියල මාධ්‍ය සාකච්ඡා වල කෙල විසුරුවමින් බෙරිහන් දුන්නු ජෙපි නායකයෝ කෝ දැන්? උන් දැන් ඇමතිලා!
මේ ඡායාරූප වල ඉන්න අයගෙ පෙනුම අනුව නං ගොඩක් අයට 40ත් පැනල වගේ. අනිත් එක දැන් රජයේ ගොඩක් රැකියා ගැසට් කරල තියෙනව පුරප්පාඩු අනුව. පුරප්පාඩු බලන්නෙ නැතුව බුරුතු පිටින් රාජ්‍ය සේවයට ගැනීමත් මේ රට බංකොලොත් වීමට හේතුවක්.
කවුදෝ උපාධිධාරියෙක් කියනවා, “මං අහගෙන, ඒගොල්ලෝ හින්දයි මේ ආණ්ඩුව පත් උනේ” කියලා විකාර කතාවක් කියනවා. අමූලික බොරුවක්. ආණ්ඩු මාරු කරන්න ඔයගොල්ලෝ කවුරුත් අපිට කියන්න ඕනේ නෑ. අපි දන්නවා කරන්න ඕනේ මොකද්ද කියලා. ඔයගොල්ලන් අනෙක් චන්දෙදී චන්දය භාවිතා නොකර ඉන්න. ඔයගොල්ලන්ගේ චන්දය නැතුව ආණ්ඩුවක් පත්වෙනවාද නැද්ද කියලා බලාගන්නත් පුළුවන්.
මේ ප්‍රශ්නය මැව්වේ වර්ථමාන ආණ්ඩුවේ අය. එහෙම නැතිව කිසිම රජයක් පොරොන්දු වෙලා නෑ නොම්ලේ උගන්වලා රස්සාවලුත් දෙනව කියලා. රස්සාවක් හොයාගන්න එක ඒ ඒ අයගේ වැඩක්.
මෙන්න මේ කාලකණ්නි අධ්‍යාපන ක්‍රමය ඉක්මනින්ම අවසන් කල යුතුයි. නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් ඉගෙන ගෙන රැකියාවකුත් ආණ්ඩුවෙන්ම දෙනකල් බලා ඉන්න කාලකණ්නි ක්‍රමය.. රට තුල රැකියා නැතුව නොවෙයි, තියන රැකියා වලට ඔය ඊනියා උපාධි ධාරීන්ගේ සුදුසුකම් ගැලපෙන්නේ නෑ. ඒ අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි හඳුනාගෙන අවශ්‍යතා සපුරා ගැනීමට ඔය උපාධි ධාරීන්ට උවමනාවකුත් නෑ. රැකියා ඉලක්ක කර ගත් අධ්‍යාපන ක්‍රමයක් ඉක්මනින්ම ඕන.
මේ අය උපාධිධාරී ද, පොලිසියද කියලා හොයන්න.